සියලුම පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් අද සිට මකාදමන බව Google සමාගම පවසයි. සමාගම පවසන්නේ, පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද ගිණුම් මෙසේ මකාදමන බවයි. ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයන්ට අහිමි වේ. ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයන්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකාදැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් සමාගම වෙතින් ලැබෙනු ඇත. මේ හරහා නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. වංචාකරුවන්ගෙන් පරිශීලකයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකාදමන බව සමාගම වැඩිදුරටත්…
Read MoreAuthor: daily reporter2
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම හිමිවිය. ඉන්දියාවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක වූ සෞම්‍යා විශ්වනාදන් 25 වැනි වියේ පසුවෙද්දී 2008 සැප්තැම්බර් මස 30 වැනි දා ඝාතනයට ලක්ව තිබිණි. එදින උණුසුම් පුවත් විකාශය සදහා රාත්‍රී කාලයේ සිය මාධ්‍ය ආයතනයේ රැඳී සිටි ඇය අලුයම 3.00ට…
Read Moreරශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි
Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි. එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.
Read Moreඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී, තිබේ. එසේ ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56%ක් ‘සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යැයි කියා ඇත. ‘එයින්…
Read Moreප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු
වසර 150ක තේ වගා කේෂත්‍රයේ ප්‍රථම වරට කාන්තාවන් 24 දෙනකුට කේෂත්‍ර නිළධාරි තනතුරු ප්‍රධානය කිරිමේ උත්සවයක් 27වන දින රදැල්ල ක්‍රිඩා ගාරයේදි සිදුකරන ලදි. තලවාකැලේ වැවිලි සමාගම මගින් අයදුම් පත් කැදවා එයින් තෝරා ගන්නා ලද කාන්තාවන් 24 දෙනකු සදහා මාස හතරක පුහුණුවක් ලබා දිමෙන් පසු එම පිරිසට පත්විම් ලිපි ප්‍රධානය කිරිම තලවාකැලේ වැවිලි සමාගමේ සභාපති හේලිස් සමුහ ආයතනයේ විධායක අධ්‍යක්ෂක රෝෂාන් රාජදුරේයි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු රෝෂාන් රාජදුරේයි මහතා පවසන ලද්දේ අයදුම් පත් 450ක් අතුරින් සම්මුග පරික්ෂන පවත්වා 24 දෙනකු තෝරා ගෙන එම පිරිසට මාස හතරක කාලයක්…
Read Moreවතු කම්කරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශණයක්
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිතිකරගෙන ලංඩන් බිම්බම් පදනම මගින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශණයක් 24, 25, 26 යන දිනවලදි හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. වතුකම්කරු ජනතාව ඉංදියාවේ සිට ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවන මෙම අවස්ථාවේදි එදා සිට මේ දක්වා එම පිරිස් ගත කරන ජිවන රටාවන් මෙම චිත්‍රවලින් නිරුපනය කිරිමට එම චිත්‍ර ශිල්පින් පියවර ගෙන තිබුනි. වතුකරය ඇතුළු විවිධ ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු වැඩි හිටියන්ගේ තෙලි තුඩින් මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බව එම සංවිධානයේ නිලධාරිනියක් පැවසිය. මෙම චිත්‍ර ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශණය කිරිමට පියවර ගන්නා බවද එම…
Read Moreරොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම
රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානයේ 13වන වාර්ෂික කඨින පිංකම 25 හා 26වන දිනවලදි පවත්වන ලදි. ඒ අනුව 25වන දින රාත්‍රියේදි කඨින චිවරය රැගත් පෙරහැර එම ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව 26වන සපිරිකර සහිත දානමය පිංකම පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නමඩගස්වැව සුගතසෝම හිමියන්ගේ ආරාධනය මත මිරිගම අබේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති පුජ්‍ය කටුගස්තොට සාරද නාහිමියන් හා පිරිවෙන් පරිවෙනාධිපති පුජ්‍ය දෙල්වල අංගිරස නායක හිමියන් ඇතුළු ගරුතර සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර එහි දායක සභාව විසින් කඨින චිවරය පුජ්‍ය කටුගස්තොට සාරද නායක හිමියන් වෙත පුජා කිරිම සිදු කරන ලදි. මනුර සුදත්…
Read Moreඅවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්
අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය. වෙසක් පුන් පොහෝ දිනයෙන් ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්ව නැවත උදුවප් පුන් පොහොයෙන් මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවිමට නියමිත වුවද අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන්…
Read Moreවැසීයාමට ආසන්න රෝහල් ගැන සෞඛ්‍ය ඇමතිගේ අවදානය
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්ත්වයේ ඇති රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබුවා. මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත්, 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්ත්වයේ ඇති බවත් මෙහිදී අනාවරණය විය. වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර…
Read Moreනව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට තහංචි
මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී ඇති බව සඳහන්. මෙලෙස ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56% ක් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යන්න අදහස් ලබා දී තිබුණි. ‘එයින් වැඩි වෙනසක් සිදු නොවේ’ යැයි 25%…
Read More