වැව් 13000ක් වාන් දමයි

වැව් 13000ක් වාන් දමයි

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ සඳහන් කරයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසුවේය. ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දහතුන්දහස් පන්සීයක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව…

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද( 22) පැවසීය. හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සනත්ට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්

සනත්ට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම්

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවා තිබේ. අද පාර්ලිමේන්තුව ආරම්භයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි කතානායකවරයා මේ බව කියාසිටියි.

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව සියඹලාපිටිය කියයි
|

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව සියඹලාපිටිය කියයි

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; වැවිලි, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන…

ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්

ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්

ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
|

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේදි

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේදි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු…