ranjith-siyabala-pitiya

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; වැවිලි, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවයි.

එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධ ව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Similar Posts