ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි.

ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා තීරයේ සියලුම වැසියන් දරුණු ආහාර අර්බුධයකටද මුහුණ දී ඇති බවයි.

ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 17,200 ඉක්මවා තිබේ.

Similar Posts