නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා
|

නොවැම්බර් 17ගැන නොවැම්බර් 18දා

ගෝඨාභය පැන්නීමේ ජයග්‍රහණය ගැන නොවැම්බර් 17 සතුටු වුණ අය වෙනුවෙන් මේක ලියන්නෙ. මං අරගලයට සම්බන්ධ වුණේ අරගලකරුවන්ට ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නට ආරාධනා කළ තැන දක්වා පමණයි. මං හිටියෙ සාකච්ඡාමය විසඳුමකට යා යුතුයි කියන තැන. අරගලකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවා. එසේ කළේ මොබ් යොදවා ඔහුගේ පෞද්ගලික නිවස වටකිරීමෙන් පටන් අරගෙන කාර්යාලය ඉදිරිපිට වාඩිලාගැනීම හරහා අවසානයේදී…

මං දැන් පොහොට්ටුවෙද?
|

මං දැන් පොහොට්ටුවෙද?

පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි…

ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?
|

ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?

ළමයින්ට සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්. එතනදී ළමයාගේ දැනුවත් කැමැත්ත ගැනත් සැලකිලිමත් විය යුතුයි. එය තරමක් සියුම් කාරණයක්. එතනදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2022 අප්‍රේල් 8දා ලංකාවේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පහත සඳහන් කරුණු ගැන සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතුයි. “සාමකාමී විරෝධතා ඇතුළුව සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති ළමා අයිතිවාසිකම්,…

ගෑස්වලින් කොමිස් ගැහුවද?
| |

ගෑස්වලින් කොමිස් ගැහුවද?

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා. මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර…

නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්
|

නැතිබැරි ජනයා ගැන අවධානය ඉතා වැදගත්

ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි. දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනමුත් සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හා නිලධාරිවාදය එයට හේතු වෙනවා. සමෘද්ධි සහනාධාර මෙයට හොඳම…

රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි
|

රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ. 2015දී මා රජයේ සේවයෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු අවස්ථාවේදී මගේ අලුත් සේවාදායකයාට මගේ පැරණි ආයතන ප්‍රධානියාට ඊමේල් පණිවුඩයක් යවා…

‘මර්දනය’ සහ පුරවැසි වගකීම
|

‘මර්දනය’ සහ පුරවැසි වගකීම

මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන්…

රනිල් එක්ක තරහ ඇයි ?
|

රනිල් එක්ක තරහ ඇයි ?

බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල්…

මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!
|

මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!

2020 මුල මං බණ්ඩාරගම ඉඩමක් ගත්තා. ටවුමට කිලෝමීටරයයි. මං බණ්ඩාරගම තියෙන පුළුල්, තැනිතලා අවකාශයට, ටවුම වටේ තියෙන ජලාශවලට කැමතියි. අපි පදිංචිය මාරුකරන්න හිටියෙ එහෙට. ඒත්, කොරෝනා පිස්සුව යද්දි මට දැනුණා රට ආර්ථික වශයෙන් අනාථ මාවතේ කුණාටු සාගරේ බව. මට බණ්ඩාරගම ගේ හදන්න වෙන්නෙ නැති බව. එහෙම හිතුවෙ සිමෙන්ති කොට්ටෙ රුපියල් අටසීයක් වෙන්නත් කලින්. ඒත්, ඒ…

කොරා පිට අන්ධයා නැගීම

කොරා පිට අන්ධයා නැගීම

මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින්…