ප්‍රදේශ කිහිපයක හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් මරුට
ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් මනම්පිටිය විල්ලුව,සොරුවිල විල්ලුව,හඳපාන්විල්ලුව හා බණ්ඩියා විල්ලුව යන ප්‍රදේශවල සතියක් ඇතුළත හඳුනා නොගත් රෝගයක් නිසා සිය ගණනක් ගවයින් මිය යන්නට පටන් ගෙන ඇතැයි ගවපට්ටි හිමියෝ පවසති. ඔවුන් පවසන්නේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ,ආහාර ගැනීමට නොහැකිව දින දෙකක් ඇතුළත් බඩ ඉදිමී මිය යන බවයි.මුලින් ම මනම්පිටිය විල්ලුව ආශ්‍රිතව ඇති ගවපට්ටිවල ගවයින්…








