පෙයාස් අලෙවි කරන්න නිසි වැඩපිළිවෙළක් දෙන්න – පෙයාස් වගාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලති
තමන් වගා කර ඇති පෙයාස් වගා අස්වනු මිලට ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවීමක් හේතුවෙන් තම පෙයාස් අස්වනුවලට නිසි මිලක් ලබාගත නොහැකි තත්ත්වයක් මත තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ඌව පරණගම ලකී ලෑන්ඩ්, ගොම්මලිකන්ද පෙයාස් වගාකරුවෝ පවසති. පෙයාස් වගාව සඳහා උචිත පාරිසරික තත්ත්වයක් පවතින ඌව පරණගම ලකීලෑන්ඩ් ගොම්මලිකන්ද ප්‍රදේශයේ පවුල් විශාල ප්රමාණයක් පෙයාස් වගාවේ නියැළෙන බවත්,…