ඇමතිවරුන්ට රජයේ නිවාස නෑ; මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නැහැ – ජනපති
ඇමතිවරුන්ට රජයේ නිවාස මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මේ අතර මීරිගම – කඩවත අධිවේගී මාර්ග කොටස ඉදිකිරීම සඳහා චීන රජය සමග සාකච්ඡා කළබවත් ඒ සඳහා වන සැලසුම් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා….