ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතු කම්කරුවන් දැඩි ලෙස අසරණ වෙති

price

දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ මේ විට තමන් දැඩි අසරණ තත්වයන්ට පත්ව ඇතැයි වතු කම්කරුවන් පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට සහාල් පොල් ඇතුළු බොහෝ භාන්ඩවල මිල දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.

බඩු මිල දිනෙන් දින මෙසේ ඉහල යමින් පැවතියද තම අදායම ඉහල නොයන බවත් තමන්ට මේවන විට ලැබෙන දෛනික වැටුපද ඉහල නොයන බවත් මෙම තත්වයන් මත තමන්ට ලැබෙන සුලු වැටුපෙන් තම දරු පවුල් ජිවත් කරවිම දැඩි අසිරු තත්වයක පවතින බවත්ය.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට යම් සහානාධාරයක් හෝ ලබා දිමට අදාල බලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මේ අතර කැකුළු සහල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල ලංකා රතු හා සුදු කැකුළු සහල් හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ වෙළදුන් කිපදෙනකුම පවසන ලද්දේ මේ වන විට ලංකා සුදු හා රතු කැකුළු සහල් තොග නිසි ලෙස නොලැබෙන බවත් එම තත්වයන් මත මෙසේ සහල් හිගයක් පවතින බවත්ය.

පොල් මිල තව දුරටත් ඉහල යාම හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ පොල් ගෙඩියක මිල රුපියල් 210ත් 230ත් අතර මිලකටත් කුඩා පොල් ගෙඩියක්ද රුපියල් 180ත් 200ත්අතර මිලකට අලෙවි වන බවත්ය.

මෙම තත්වයන් මත පොල් මිලදි ගැනිමට යාමේදි එලොව පොල් පෙනෙන බවත් මෙසේ පොල් මිල ඉහල යාමෙන් පොල් සම්බලයක්වත් සදාගෙන බත් කටක් කැමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ පොල් වෙළදුන් කීප දෙනකුම පවසන ලද්දේ මේ වන විට පවතින පොල් හිගය මත පොල් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පොල් අලෙවියද පහල බැසිමෙන් පාරිභෝගියන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….