Sri Lanka Transport Board

ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලකුණු

රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ea sports web app

මහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය. රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි…

sapugaskanda devdoc net

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු

පසුගියදා වසා දමා තිබී විවෘත කරන්නට යෙදුණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන්…

GMOA – Government Medical Officers' Association

GMOA දිස්ත්‍රික්ක කිහිපයක වර්ජනයක් අරඹයි

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ , මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවය. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන…

petroleum corporation in deep crisis without dollars in sri lanka
|

ඩොලර් නොමැතිව තෙල් සංස්ථාව දැඩි අර්බුදයක

ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ආරංචි මාර්ග සඳහන් කරයි. එම මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි බව ද වාර්තා වේ.  

sex sinhala

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එකතු වී සුපිරි ප්‍රභේදයක් බිහිවෙයි – අනතුරු ඇඟවීම්

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය…

lokulunu

ලොකුළුෑනුත් ගණන් උස්සයි

මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

nano

ආන්දෝලාත්මක නැනෝ දියර පොහොර නැවත ගෙන්වයි

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තවත් ලීටර් මිලියනයක් මේ මස තුළ දිවයිනට ගෙන ඒමට රජය තීරණය කර තිබේ. කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒවා නැව් මගින් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි. නයිට්‍රො රජා ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ….

international human rights day

73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල

73වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් දෙසැම්බර් අද (17) සවස 2ට  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. “මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උළෙල තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, රෝහණ හෙට්ටිආරච්චි මහතා, නීතීඥ ප්‍රබෝධ රත්නායක, නීතීඥ දුලාන් දසනායක කෙටි දෙසුම් පවත්වන…

school2

උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි

පෙබරවාරි 07 වැනි ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2021 (2022) අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉකුතු අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොරෝනා අවදානම නිසා අවස්ථා කිපයකදී කල් දමනු ලැබීය. කාල සටහන් පහතින් දැක්වේ