මාර්ගෝපදේශ 14ක් සහිත තවත් ගැසට් නිවේදනයක්
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ…