bathpackey

එළවලු බත් පැකට්ටුවේ මිල ඉහළට

එළවලු සහාල් මිල ඉහල යාමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එළවලු  බත් පැකට්ටුවේ මිල ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විය මෙම ප්‍රදේශයේ සමහර හෝටල්වල එළවලු බත් පැකට්ටුව රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. මෙම තත්වයන් පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන්…

thadi

නොහික්මුණු කැබ් රථ රියදුරා තඩීව හප්පා මරණයට පත්කරයි

කහ ඉර භාවිතා නොකරමින් මගී ජනතාව ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරද්දි කහ ඉර මතින් පමණක් එහා මෙහා යෑමට පුරුදුවි සිටි මාධ්‍ය මගින්ද ඒ පිළිබදව පෙන්වා දුන් තඩී නමින් හදුන්වන සුනඛයාව නොහික්මුණු කැබ් රථ රියදුරෙකු විසින් හප්පා මරණයට පත්කර තිබේ. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටි සංඥා එළි ආසන්නයේ ගැවසෙන් සිටි සුනඛයා කැබ් රථයකට යටකර…

viduli

දැවි තෙල් ජනවාරියෙන් අවසන් – නොදන්වා විදුලි විසන්ධි කිරීම් අරඹලාද?

අද (23) දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිශ්චිත කාල රාමුවක් තුළ විදුලි බල විසන්ධි කිරීම් වාර්තාවී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද මේ අතර වේ. උදෑසන පැය බාගයක් හා සවස පැය බාගයක් ලෙස මෙම විදුලි බිඳ වැටීම සිදු කර ඇති අතර මණ්ඩලය මගින් කරන විදුලි කප්පාදුවක් දැයි යන්න නිශ්චිතව හෙළි කර නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ…

parliment-food

අංගොඩින් ආහාර හිඟය පටන් ගනියි – පාර්ලිමේන්තු භෝජනාගාරයේ එළවළු හිඟයක්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අංගොඩ රෝහලේ නේවාසිකව රෝගීන්ට ක්‍රීම්කැකර් බිස්කට් පැකට් එකක් තරම් දෙයක්වත් ගෙනැවිත් දෙන්නට කිසිවකුත් නොපැමිණෙන බවයි. වෙනත් රෝහල්වල ​රෝගීන්ගේ ආහාර අවශ්‍යතා පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකරමින් ඒවා සලසා දෙන්නා සේම අංගොඩ රෝහලේ නේවාසික රෝගීන් කෙරෙහිද කාරුණිකව…

gas

ගෑස් සංයුතියේ වෙනසක් – සෑම නිවසකම බෝම්බයක් (වීඩියෝ)

මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය. මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම්…

mahindananda-aluthgama

තවත් ප්‍රභලයෙකු තනතුරෙන් ඉවතට

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ද ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

gas

තරුණයින්ට බේස්ලට් දුන් අගමැති ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500ට දෙන්න සුදානම්

“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. “පා්ර්ලිමේන්තුවේ 225න් ඡන්දයක් තියනකල් 224ම ගෙදර තියලා තනි රනිල්…

dayasiri
| |

තත්ත්වය දරුණු අතට – වාහනයේ තනියම යාම තහනම් වන ලකුණු

විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල…

weather today at my location

පහළ වායුගෝලය කැළඹෙයි – දිවයිනටම ගිගුරුම් සහිත වැසි

දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි…

richway

රිජ්වේ රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා රෝගීන් වැඩි වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා. කොරෝනා ආසාදිත දරුවන් 24 දෙනෙකු පමණ මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ඔහු පැවසුවේ.