දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි
දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකු පවසා තිබේ. පසුගිය කාලය පුරා කිරි ගොවීන්ගේ වියදම් ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබේ. ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.