මධ්‍යම කදුකරයට අධික වර්ෂාව – අඹගමුවේ ජල ගැලිම්

මධ්‍යම කදුකරයට අධික වර්ෂාව – අඹගමුවේ ජල ගැලිම්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අඹගමුව ප්‍රදේශයේ සිදුව ඇති ජල ගැලිම් හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු විනාශයට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම ගංවතුර තර්ජන පවතින අතර ඉදිරියටද මෙසේ අධික වැසි පතිතවුවහොත් එම ප්‍රදේශයේ නිවාස කිපයටද ගංවතුර තර්ජන ඇතිවිමේ අවදානමක් පවතින බව අඹගමුව ප්‍රාදේශීය…

කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි
|

කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුරුලුබැද්ද වැවට යාබදව ඇති ඓතිහාසික කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ ඇති ඉපැරණි චෛත්‍ය‍යෙහි කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් ආරම්භ කළේ ය. ගල් පර්වතයකින් හා කදු  ගැටයකින් සමන්විත මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානය ඉකුත් යුධ සමයේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය ට නතුව පසුව යුධ හමුදාව විසින්…

arjun

රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කරන්න

ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත. මෙම…

gas

ගෑස් ගන්න කඩවත පෝලිම්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති. ඇතැම් පිරිස්  ගෑස් සිලින්ඩර් සොයා තැන තැන යන අයුරු ද දක්නට ඇති අතර කඩවත නගරයේ ගෑස් වෙළෙඳපොළ අසල අද පෙරවරුවේ සිටි දිගු පොලිම් දක්නට ලැබිණි.

langama

ලංගමයේ 285කට කොරෝනා

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය අසූ පස් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේ දී ය. පවතින වසංගත තත්ත්වය මත පොදු ප්‍රවාහනය යොදා ගත යුත්තේ…

isolated areas in colombo

අදම ඇදරි නීතිය දමන්නැයි පවසයි

පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි. ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි. අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.

rajithe
|

දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න

සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන පළමු අවස්ථාවේදීම ප්‍රාන්ත පිටින් වසාදමා වෛරසය පැතිරීම පාලනය කරද්දී ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිරීම ආරම්භ වෙද්දීම වසා දමා තිබූ රට…

ඊයේ රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

ඊයේ රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය…

bandanagara

පාතාලයන් මෙල්ල කරන්න කඩා පනින හමුදාවක්

අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත. වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත. මෙම කණ්ඩායමට වසර පහකින්…

maranthika-virus

කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය…