agboo
|

අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි

සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…

පිළිකාකාරක අඩංගු ආහාර හෙළිදරව් කලොත් සමාගම් කඩා වැටීමේ අවධානමක්

පිළිකාකාරක අඩංගු ආහාර හෙළිදරව් කලොත් සමාගම් කඩා වැටීමේ අවධානමක්

ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ රටේ ජනතාව තුල දැඩි විමසිලිමත් භාවයක් ඇතිවී තිබෙනවා. 01ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවයි. පොල්තෙල් පමණක් නොව ටින්…

කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…

ප්‍රවීන් සහ රෙස්ලින් පොලිස්

ප්‍රවීන් සහ රෙස්ලින් පොලිස්

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි. එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට…

උතුම් පාස්කු මංගල්‍යය අද – දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

උතුම් පාස්කු මංගල්‍යය අද – දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ මරණය සහ උත්තානය හෙවත් මරණයෙන් නැගිටීම සිහිකරමින් සැමරෙන පාස්කු මංගල්‍යය අදට (04) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා දිනය ලෙසින් හැදින්වෙන අද දිනයේදී කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන්ද පැවැත්වෙනවා. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ සිය ජීවිතයෙන් සමාජයට දුන් ආදර්ශය අදටත් වලංගු බවයි ගරු බෙනඩික් ජෝෂප් පියතුමන් පෙන්වා දුන්නේ. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා…

කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

කාර් යතුරු පැදි ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මහරගම පොලිස් වසමේ බොරැල්ල, කොට්ටාව මාර්ග අංක 174 ප්‍රධාන බස් මාර්ගයේ පොල්වත්ත මංසන්ධියේ කාර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ  රිය අනතුරකින් එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් සුළු තුවාල ලබා ඇති බව මහරගම පොලීසියේ රථවාහන අංශය පැවසීය. පන්නිපිටිය දෙස සිට තලවතුගොඩ දෙසට ගමන් ගත් යතුරු…

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අලි විරුද්ධ වෙයි

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීමට අලි විරුද්ධ වෙයි

වනඅලි කළමණාකරන රක්ෂිතය ගැසට් කරන ලෙසට බල කරමින් හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කොට ඇති  සත්‍යග්‍රහයට සහභාගි වී සිටින ගොවියෙකු ගේ නිවසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. වල්සපුගල සත්‍යග්‍රහය පවත්වනු ලබන ස්ථානයේ සිට මීටර් 200 න්  පමණ දුරකින් වන අලි ප්‍රහාරයට ලක් වූ නිවස පිහිටා තිබේ.වගා කොට තිබූ පිපිඤ්ඤා වගාවට ද වනඅලීන් විසින් හානි කොට…

ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය

ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය

ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…

tiper

ටිපර් ගැටී අයෙකු මරුට 16කට තුවාල

අඟුණකොළපෑලැස්ස, වැටිය ප්‍රධාන මාර්ගයේ මුරවැසිහේන ප්‍රදේශයේදී  සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපෑැලැස්ස පොලීසිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයක් හා වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයේ රියදුරු…

තහනම් වල් නාශක නැවතත්

තහනම් වල් නාශක නැවතත්

මෙරට භාවිතය තහනම් කොට ඇති  ග්ලයිපොසෙට් වල් නාශක තොගයක් හා ඒවා කුඩා පැකට් වලට ඇසුරුම් කරමින් සිටි අයෙකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. තහනම් වල් නාශක තොගය සමග අත් අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව පදිංචි 49 වැනි වියේ පසු වන්නෙකි. වෙළද පොලේ දැඩි  ඉල්ලුමක් තිබෙන එහෙත් මෙරට භූමියට ඉතා…