winds

ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….

තවත් අමාත්‍යංශ දෙකක්

තවත් අමාත්‍යංශ දෙකක් !

නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…

rt-pcr

අඹගමුවේ අහඹු පි. සි. ආර්. පරික්ෂාවලින් ආසාදිතයන් අට දෙනකු හමුවෙයි

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලින් කොවිඩ් ආසාදිතයන් අට දෙනකු හමුවිමත් සමග මෙම ප්‍රදේශයේ වැඩි දුරටත් අහාඹු පි. සි. ආර්. පරික්ෂවන් කිරිමට අවදානය යොමු කර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන…

weather today at my location

තව පැය කිහිපයකින් සුළි කුණාටුවක්

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය කිහිපය ඇතුළදී එම සුළි කුණාටුව මෙරටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම සුළු කුණාටුව ඊසාන දිග වෙරළට ළඟාවීමට නියමිතය. මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-70) පමණ දක්වා…

keheliya
|

වෙබ් අඩවි නියාමනය ඉදිරි සති 02ක තුළ – ජනමාධ්‍ය විද්‍යාලයක්

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී එක් වෙමින් පැවසීය. පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී අවධාරණය කළේය….

coronavirus news

කොරෝනා අවධානම කොළඹට

කොළඹ දිස්ත්‍රික්කය තවමත් අවධානම් තත්ත්වයේ පසුවන බැවින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනය වන විට 20,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු ආසාදිතයින්…

advanced level

පාසල් 5100ක් අද විවෘත වෙයි

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණි දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ…

lockdown news today

පොලිස් වසම් කිහිපයක හෙට අගුලු අරී

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් හෙට(23) අලුයම 5.00 සිට අගුලු ඉවත් කරන  බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ධානය දැනුම් දෙයි. හුදෙකලා කිරීම ඉවත්කරන සහ තවදුරටත් හුදෙකලා කරමින් තබන එම පොලිස් වසම් පහත නිවේදනයේ දැක්වේ.  

බේරුවල උණුසුම් තත්ත්වයක්

බේරුවල උණුසුම් තත්ත්වයක්

බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ. බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය. ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අද (22)  සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු…

dead

තවත් කොවිඩ් මරණ 9ක්

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.