coronavirus news

කොරෝනා වෛරසය ආසාදනය වූ ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487ක් දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මෙම සියලූ ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ‍්‍රිතයින් වන බවයි පැවසෙන්නේ.

තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව, මෙරටදී කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 109ක්. ඊයේ දිනයේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දෙදෙනාම කොළඹ පදිංචිකරුවන් වනවා.

මේ අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය ඊයේ පැවසුවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප‍්‍රදේශවලින් ද මේ වනවිට යළි නව ආසාදිතයින් වාර්තා වෙමින් ඇති බවයි.

Similar Posts