නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි!

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019  නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් “පෙරේකොප්” නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි!

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ…

ශ්‍රී.ල.නි.ප ය හදිසි මහමැතිවරණයකට විරුද්ධ වෙයි.

ශ්‍රී.ල.නි.ප ය හදිසි මහමැතිවරණයකට විරුද්ධ වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගේ නිවසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ විය යුත් බවට තීරණය වී ඇති බවට වාර්තා වේ. හදිසි මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට දරණ උත්සහයේ ශ්‍රී.ල.නි.ප ය පාර්ශවකරුවකු නොවී සිටීමට යෝජනා වී ඇති බවට වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අද…

නව ජනපති, වැඩ භාර ගනී!

නව ජනපති, වැඩ භාර ගනී!

හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…

සජිත් ජන මතයට හිස නමයි. ඒ.ජා.ප නියෝජ්‍ය නායක කමත් ඒපා කියයි

සජිත් ජන මතයට හිස නමයි. ඒ.ජා.ප නියෝජ්‍ය නායක කමත් ඒපා කියයි

ජනාධිපතිවරණයේ දී ජනතාව ලබා දුන් තීරණයට හිස නමන බවට සජිත් ‌‌‌ප්‍රේමදාස මහතා පවසයිි‍‍‍‍. 2019 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදීත් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස…

ගෝටා අති විශාල වැඩි ඡන්දයකින් ඉදිරියට යන ලකුණු

ගෝටා අති විශාල වැඩි ඡන්දයකින් ඉදිරියට යන ලකුණු

මෙතෙක් ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්දයක් දකුණේ ආසනවල වාර්තා කරමින් ඉදිරියට යන ලකුණු පෙන්වා තිබේ. ගෝඨාභය මහතා ලබා ගන්නා වැඩි ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. විශේෂයෙන් අපේක්ෂා කල පරිදි සජිත් ප්‍රේමදාස මහතාට සිංහල…

උතුරෙන් සජිත්ට පැහැදිලි වර්ධනයක්, ගෝටා පතුළටම ඇද වැටෙයි.

උතුරෙන් සජිත්ට පැහැදිලි වර්ධනයක්, ගෝටා පතුළටම ඇද වැටෙයි.

මේ වන විට උතුරු පළාතේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ හා වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. එහිදී පැහැදිලිව දක්නට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා 2015 පැවැති ජනාධිපතිවරණයට වඩා පැහැදිලි වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා 2015දී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා…

|

ගාල්ල තැපැල් ඡන්දයෙන් ගෝටාට පැහැදිලි වර්ධනයක්

වර්ෂ 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව ගෝටාභය රාජපක්ෂ පැහැදිලි වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබේ. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල තැපැල් ඡන්දය ජය ගත්තද ඒ මහතා ලබා ගත්තේ 53.49% ක ප්‍රතිශතයකිනි. මෙවර ගෝටාභය රාජපක්ෂ මහතා එම ප්‍රමාණයට වඩා ඉතා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන 67.48%ක ඡන්ද ප්‍රතිශතයක් අත් පත් කර ගැනීමට සමත් වී තිබේ….

තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තැපැල් ඡන්ද සමස්ත ප්‍රතිඵලයන් කිසිවක් කොමිසමට තවම ලැබී නෑ – ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාද වන ලකුණු

තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371න් තවම ගණන් කිරීම් අවසන් කර ඇත්තේ මධ්‍යස්ථාන 103ක පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කිසිදු සමස්ථ දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී නොමැති බවයි.

සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො

සමාජ මාධ්‍ය වල පළවෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම අසත්‍යයි – මැ.කො

  සමාජ මාධ්‍යවල මේ වන විට සංසරණය වන තැපැල් ඡන්ද ප්‍රතිඵල බවට හැගවෙන ප්‍රතිඵල වාර්තා සම්පූර්ණ අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේද  රාත්‍රී 9.40ට පමණ  බවත් දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. මේ අනූව සමාජ මාධ්‍යවල සංසරණය…