පාතාල සාමාජිකයින් 8 ක් අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජිකයින් 8 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු තිදෙනෙකු සිටින බව ද සදහන්.