වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC

වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2020 ජූනී 16 දින ප‍්‍රකාශයට පත් කරන ලද (SC FR APPLICATION 296/2014) නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ. එම නඩු තීන්දුව ප්‍රදානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත පෙෙර්රා එදිරිව හෙට්ටිපොල  පොලීසියේ ස්ථානාධිපති හා තවත් වග උත්තර කරුවන් දෙදෙනෙකුට එරෙහිවයි.

මේ සම්බන්ධව හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත්කර තිබේ. ඒම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

ශ‍්‍රී ලංකාව – පොලීසියට වධහිංසාවට එරෙහි නීතිය උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි.

ලංකාෙව් මූලික අයිතිවාසිකම් පිළිබද නඩුවක් විභාග කර එහි තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ලංකාෙව් බලධාරීන්ට පහත සදහන් නියෝගය ද කරන ලදී.

‘‘මෙම අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අනුව පොලිස් ප‍්‍රචණ්ඩත්වය, අත්අඩංගුෙව්දී වදහිංසා පැමිණවීම හා මරණ හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ රජය මෙම ප‍්‍රශ්ණය විසිදීම සදහා හෝ එය අඩු කිරීම සදහා පියවර ගත යුතු බවය.

ප‍්‍රඥප්තියේ 10 වන වගන්තියට අනුව අත්තඩංගුවට ගන්නා හෝ රඳවා ගන්නා හෝ හිරබාරයේ පසුවන ඔිනෑම පුද්ගලයන් පිිළිබදව ක‍්‍රියාකාරී වන සියලුම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ නිළධාරීන්ට, සිවිල් හා මිලිටරි, වෛද්‍ය වෘතියේ යෙදෙන්නන්, සිවිල් සේවකයන් හා වෙනත් පුද්ගලයන්ට, වධහිංසාවට විරුද්ධව පවතින නීතිය පිළිබදව අධ්‍යාපනයක් ලබා දීම හා තොරතුරු සැපයීම රජයක් විසින් කල යුතුය.’’  (SC FR APPLICATION 296/2014)

වධහිංසා පැමිණ වීම අමානුෂික ක‍්‍රියාවකි. එමෙන්ම කෲර ක‍්‍රියාවකි. එය ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන අතරම, ලංකාවේ නීතියද උල්ලංඝණය කිරීමකි.

ලංකාවේ  නීතිය ක්‍රියාත්මක කිරීමට යොදවන නිළධාරීන් ලංකාෙව් නීතිය පිළිබදව අවබෝධයකින් තොරව සිටින්නේ නම්, ඔවුන්ට නීතිය ක‍්‍රියාත්මක කරවීමේ හැකියාවක් නැත. මේ අනුව ලංකාෙව් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ පිළිබදව විධානයක් නිකුත් කරමින් මැදිහත් වීම ඉතාම කාලීන කටයුත්තක් වන අතරම අත්‍යාවශ්‍ය කටයුත්තකි. අප ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ සතු සියලු බලය යොදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති විධානය පොලිස් හා මිලිටරි අධ්‍යාපනය මෙන්ම, වෙනත් රාජ්‍ය නිළධාරීන්ගේ අධ්‍යාපනය සම්බන්දයෙන් ක‍්‍රියාත්මක කරවන ලෙසය.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ කාලයක් තිස්සේම පොලිස්පතිවරයා ඇතුලු ලංකාෙවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ වධහිංසාව නැති කිරීම සදහා අවශ්‍යය පියවර ගන්නා ලෙසය. දැනට බොහෝ ප‍්‍රසිද්ධියට පත් වී ඇති නඩුවක් වන ජෙරාඩ් මර්වින් පෙරේරාගේ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේ පොලිස් ස්ථානවල වධහිංසාව සිදුවන්නේ, දැයි අධීක්ෂණය කිරීම සදහා පියවර ගන්නා ලෙසය.

එසේ වූවත් දැනට ලංකාෙව් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් පරීක්ෂණ නඩු සියයක දී පමණ ප‍්‍රමාණයක පොලිස් නිළධාරීන් රට වැසියන්ගේ මූලික අයිතිවාසිකමක් වන වධහිංසාවෙන් ආරක්ෂාවී සිටීම උල්ලංඝණය කර ඇති බවට තීන්දුකොට ඇත. වධහිංහසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ලංකාවේ ව්‍යවස්ථාෙව් 11 වන වගන්තිය මගින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙසේ තිබියදී වධහිංසාව තවමත් බරපතල ප‍්‍රශ්ණයක් සේ පවතී. වධහිංසාවට වැඩියෙන්ම ලක්වන්නේ, ලංකාෙව් අඩු ආදායමක් ලබන සමාජ ස්ථරයන්ට අයිති පුරවැසියන්ය. මෑතතදී බලවත් දේශපාලඥයින්ට හා වෙනත් සමාජීය වශයෙන් වැදගත් යැයි සලකන අයට විරුද්ධව ඉතා බරපතල චෝදනා පරීක්ෂණයට භාජනය කල නමුත් ඒ කිසිවෙක් තමන්ට වධහිංසා පැමිනුවා යැයි පැමිණිලි කොට නැත.

මෙයින් පෙනී යන්නේ විශාල වශයෙන් පැතිරී පවතින වධහිංසාව පාවිච්චි වන්නේ දුගී පසුබිමක වන බවය, විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් කෙරෙහි බවය.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විවිධ ආයතන වධහිංසාව තුරන් කරන ලෙස ලංකා රජයට උපදෙස් දී ඇත. මේ අතර, වධහිංසාව තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ කොමිටිය (CAT)  වධහිංසාව හා අමානුෂික සැලකිල්ල සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තාකරු හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, බොහෝ විටක් වධහිංසාව තුරන් කිරීම පිළිබදව ලංකාවට නිර්දේශ නිකුත් කොට ඇත. එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මානව හිමිකම් කොමිටිය විවිධ අවස්ථාවන් වලදී, ඔවුන් ඉදිරියට පැමිණි ලාංකික පුරවැසියන්ගේ පැමිණිලි සලකා බලා රජයේ නිළධාරීන් අතින් වධහිංසා කිරීම් සිදු කොට ඇති බවට ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කොට ඇත. එය නැති කිරීම සදහා විවිධ නිර්දේශ ද නිකුත් කොට ඇත.

එහෙත් ප‍්‍රශ්ණය වී පවතින්නේ කිසිදු බළධාරියෙකුට වධහිංසාවට එරෙහිව පවතින රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීමය. 1994 අංක 22 දරණ පනත මගින් පොලිස් වධහිංසාව අවුරුදු 7 ක අනිවාර්ය දඩුවමකට ලක් කල වරදක් සේ ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙවනි වාතාවරණයක් යටතේ ලංකාෙව් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිළිධාරීන්, මිලිටරි නිළධාරීන් හා වෙනත් රජයේ නිළධාරීන් විසින් වධහිංසාව පිළිබදව ලංකාවේ හා ජාත්ත්‍යනතරයේ නීතිය පිළිබදව දැනුවත් කර, ඔවුන්ට එවැනි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට කර ඇති නිර්දේශය අවශ්‍යය නිර්දේශයකි.

මේ සදහා අවශ්‍ය අත් පොතක් ප‍්‍රකාශයට පත් කල යුතු අතර එහි ලංකාවේ හා ජාත්‍යන්තර නීතියත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්දව ප‍්‍රකාශයට පත් කොට ඇති නඩු තීන්දුත් අඩංගු කල යුතුව ඇත.  මෙම අත්පොතත් සකස් කිරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා ක‍්‍රියාකාරීව සම්බන්ද විය යුතුව ඇත.

එසේ උවත් අපට පෙනී යන්නේ රහසිගතව පොලිස් හා වෙනත් බලධාරීන් අතර පවතින මතය නම් වධහිංසාවෙන් තොරව දුප්පතුන් පිළිබදව අපරාධ පරීක්ෂණ කිරීමට හෝ ඔවුන් මර්ධනය කිරීමට නොහැකි බවය. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති විධානය නොතකා හැරීමට ඇති ඉඩ කඩ බොහෝය. එම ඉඩ කඩ නැති කල හැක්කේ මේ පිළිබදව මහජන මතයක් බලවත්ව හා නිරන්තරව ප‍්‍රකාශ කිරීම තුලින් පමණි.

මේ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ සිවිල් සංවිධාන, සියලුම අංශවල බුද්ධිමතුන්, විවිධ මත නිර්මාණය කරන්නන් මෙන්ම මාධ්‍යයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති මෙම විධානය ක‍්‍රියාත්මක කර ගැනීම සදහා දැඩි උනන්දුවකින් ක‍්‍රියා කල යුතු බවත් ඒ සදහා දිය හැකි සෑම සහයෝගයක්ම අදාල බළධාරීන්ට ලබාදිය යුතු බවත්ය.

ආසියානු මානව හිමිකම් කොමිසම – 24/6/2020

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….