US Tariff Sri Lanka tariff talks canada trump republicans

ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා මැයි 27-28 දිනවල එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් අද වොෂින්ටන් ඩී.සී. බලා පිටත්ව ගියහ.

අප්‍රේල් 2 වන දින අර්බුදය ආරම්භ වූයේ එක්සත් ජනපද ආනයන සඳහා ශ්‍රී ලංකාව 88% ක තීරුබදු පැනවීමට ප්‍රතිචාර වශයෙන් බව කියමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව එරටට අපනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය.

මේ වන විට, එක්සත් ජනපදය දින 90ක අත්හිටුවීමක් සහ තාවකාලික 10% ක තීරුබදු හඳුන්වා දී තිබේ.

පළමු වටයේ සාකච්ඡා අප්‍රේල් අග භාගයේදී සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකාව සංශෝධිත වෙළඳ යෝජනා ඉදිරිපත් කළේය. දෙවන වටයට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ආර්ථික ඉලක්ක සමඟ උපාය මාර්ග පෙළගැස්වීම සඳහා ඉහළ මට්ටමේ රැස්වීමක් කැඳවීය.

ශ්‍රී ලංකාව වාර්ෂිකව එක්සත් ජනපදයට ඩොලර් බිලියන 3ක පමණ අපනයකරන සිදු කරන අතර, මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය රටේ පැවැත්ම හා අනාගතය සම්බන්ධයෙන් අතිශය වැදගත්ය.

More Stories