රා තැබෑරුම්වල විකිණීමට තබා තිබෙන හා මද්‍යසාර නිෂ්පාදනයට යොදාගන්නා රා සැබෑ පොල් රා ද, නැතිනම්, කෘත්‍රිම රා ද යන්න පිළිබඳ සමාජයේ බොහෝ සැක සංකා පවතී.
රා නිෂ්පාදනය හා සම්බන්ධව බොහෝ දූෂණ සිදුවන බව වාර්තා වී තිබේ. එසේම, කෘත්‍රිම රාවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු ද තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම රා නොමැති බව රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු කර ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. කෘත්‍රිම රා නිෂ්පාදනය වැළැක්වීමට නිරන්තරයෙන් බෝතල් රා නිෂ්පාදනාගාර, රා තැබෑරුම් සහ ස්කාගාරවලින් ලබා ගන්නා නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව සුරා බදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රා නිෂ්පාදනය සදහා 2024 වර්ෂයේදී පොල් ගස් 119,130 ක් ලියාපදිංචිය ලබා ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
බෝතල් රා සදහා 46,000
තැබෑරුම් සදහා 26,000
ස්කාගාර සදහා 46,000
මී රා සදහා 30
රා නිෂ්පාදන බලපත්‍ර 41ක් ලබා දී ඇති අතර ඉන් 18 ක් පොල් රා බලපත්‍ර වේ. 23ක් තල් රා බලපත් වේ. මෙමගින් සුරා බදු දෙපාර්තමේන්තුව 2023 වසරේදී රුපියල් මිලියන අටසියයකට ආසන්න මුදලක් හා 2024 වර්ෂයේදී රුපියල් බිලියනයකට වැඩි මුදලක් උපයාගෙන ඇත. රා තැබෑරුම් 88ක් මෙරට පිහිටා ඇතිඅතර දැනට ක්රියාත්මකවන්නේ 78 ක් පමනි.
වාර්ෂික රා නිෂ්පාදනය 2023 වසර සදහා ලීටර් 16,122කි. 2024 වසර සදහා ලීටර් 23,650කි.
රා ඒකතු කිරීමේ මධ්‍යස්ථාන 107 ක් ඇති අතර තැබෑරුම්වලින් ලද ආදායම 2024 වසරේදී රු. 4,523,000 කි.