ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා පනත් 03ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

රාජ්‍ය ඇමැතිවරිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිනිය මෙලෙස ද කීවාය.

“කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ඉතා වැදගත් උපදෙස් සහ නිර්දේශ ලැබී තිබෙනවා. මේ වන විටත් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පැය 24 පුරාවට ක්‍රියාත්මක 1938 දුරකතන අංකය හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම අනන්‍යතාව හෙළි කිරීමකින් තොරව අත් හැර දමා යන දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ‘කවුළුව’ නමින් වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදු කිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.

ගර්භිණී සහ කිරිදෙන මවුවරුන්ට මාස 10කට රුපියල් 45,000ක පෝෂණ දීමනාවක් දීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මාස 6කට සහ කිරි දෙන සමයේ මාස 04ක් 10ක් වශයෙන් අදාළ ප්‍රතිලාභය හිමි වෙනවා. මීට අමතරව මේ වර්ෂයේදී පෙර පාසල් ළමයින්ට උදෑසන ආහාර වේලක් දීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000ක් වෙනවා.

ඒ වගේම ‘ගුරු අභිමානී’ වැඩපිළිවෙළට අනුව පෙර පාසල් ගුරුවරියන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් දීමට ද කටයුතු කර තිබෙනවා. පෝෂණ ඌනතා හඳුනා ගනු ලැබූ මොණරාගල, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලට අදාළ පෙර පාසල් ළමයින්ට අධි පෝෂණීය බිස්කට් දීමට අප කටයුතු කරනවා.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….