අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද

අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන මෙහෙයුම් කාර්යාලයක් හැටන් නගරයේදි 29වන දින විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ රටේ රථ වාහකන හිමියන් ලක්ෂ හැත්තැවක් පමන පසු ගිය කාලයේ තම රථ වාහකනවලට අවශ්‍ය ඉන්ද නැතිව කොයි තරම් දුකකක් වින්දද එදා තෙල් ගහන්න පැය ගනන් පොලිම් වල හිටි එම අය දන්නවා එදා ඔවුන් විදි දුක් එත් අද එම තත්වය වෙනස් වෙලා ඔවුන්ට අවශ්‍ය ඉන්දන අවශ්‍ය ප්‍රමානයට අවශ්‍ය තැනකදි ලබා ගන්න පුලුවන් එම නිසායි මම මුලීන් කිවේ එදා විදි දුක් මතක තියෙන රථ වාහන හිමියන් ලක්ෂ තිහක් ඔවුන්ගේ පවුලේ තව එක් ඡන්දයක් සමග රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් ලැබෙනවා කියලා.
අද ජාතික ජන බල වේගයත් සජිත් ප්‍රේමදාස මහතාත් පවසනවා අපිට රට බාර දෙන්න අපි මේ රටට මෙහෙම කරනවා අරහේම කරනවා කියලා එදා මේ රට වැටිච්ච අවස්ථාවේ මේ අයට ‍මේ රට බාර ගන්න කියපු වේලාවේ ඇයි මේ අය මේ රට බාර ගත්තේ නැත්තේ එදා මේ අය විවිධ කොන්දේසි දමමින් පැනලා යන විට කිසිම කොන්දේසියක් නැතිව විවිධ අභියෝග හමුවේ රනිල් වික්‍රමසිහ මහකා මේ රට බාර ගත්තා.
එදා කඩා වැටුන ආර්ථිකයක් එක්ක බාර ගත්ත මේ රට අද මේ තත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතයි අද එය ජාතික ජන බල වේගයේ සමහර පිරිස්ද මෙය දන්නවා ඒ නිසායි ජාතික ජන බල වේගයෙන් පසුගිය පලාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තරග කල තුෂාර රාජපක්ෂ වැනි අය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාපති සටනට සහය දෙන්න එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටින්නේ.
කොත්මලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක අශෝක හේරත් මහතා අද මේ රටේ ජනතාව රනිල් දිනවන්න කටයුතු කරමින් ඉන්නේ අද බලන්න සජිත් සජිත්ට අද වේදිකාවක් නැතිව ඉස්කෝලවලට ගිහින් මොනවාදෝ කියවනවා මේ සදහා මුදල් එන විදියත් සරත් පෝන්සේකා මහතා කියලා තිබුනා.
රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටට සේවයක් කරන්න නිසි අවස්ථාවක් ලැබුනේ නැහැ 2005 අගමැති වන විට ජනාධිපති චන්ද්‍රිකා එදා චන්ද්‍රිකා රනිල්ගේ කකුලෙන් ඇද්දා පසුව 2015 රනිල් අගමැති වන විට මෛත්‍රිපාල ජනාධිපති ඔහුත් වැඩක් කරන්න දුන්නේ නැහැ කකුලෙන් ඇද්දා පසුව ගෝටාභයගෙන් පසුව කඩා වැටුන ආර්ථිකයක් සමග මේ රට බාර ගත්ත රනිල් මේ වන විට මේ රට මේ තරමින් හෝ ගොඩය ගෙන තියෙනවා.
2020 වර්ෂයේ නවින් දිසානායක සමග ඇතිවුන ප්‍රශ්නයක් මත මමත් සමගි ජන බලවේගයට ගියා එත් පසුව එතන ඇතිවු කලකිරිම් මත මම නැවත එක්සත් ජාතික පක්ෂයට ආවා පියදාස මහතාගේ නායකත්වය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය දිනවිමස සදහා.
අද සජිත් කියනවා රනිල් රාජපක්ෂ ආන්ඩුව කියලා එත් පොහොට්ටුවේ ජි. එල්. ඩලස් වගේ අය ඉන්නේ කොහේද සජිත් සමග නොවෙයිද රාජපක්ෂලා සමග හිටිය ඒ අය සජිත්ට හොදයිද.
මෙහිදි කතා කල ජාතික ජන බලවේගයේන් පසුගිය පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක තුෂාර රාජපක්ෂ මහතා අද ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන අයට කිසිම ආරක්ෂාවක් නැහැ එම නිසා බොහෝ පිරිසක් හිරවෙලා ඉන්නේ මම නුවරඑළියට ඉල්ලවිට කියපු දෙයක් තමයි දිනලා පැන්නෝත් කරන්නේ මොනවාද කියලා එය තමයි ජනතා විමුක්ති පෙරමුණේ හයවන පංතිය ජනතා විමුක්ති පෙරමුණේ පංති පහක් කිවට එහි පංති හයක් තියෙනවා.
මම එක්සත් ජාතික පක්ෂයට එන්න කතා කරන විට මට තිබුන ප්‍රශ්නය තමයි නිසි ආරක්ෂාව එය නිසි ලෙස ලබා දෙන බව පියදාස මහතාත් අශෝක මහතා පවසලා මාව එක්ක ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලගටයි.
අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද ඒ වෙන කවුරුවත් නොවෙයි රනිල් වික්‍රමසිංහ මහතා පමනයි එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙයත් සමග පුස්ථකාලයත් ගිනි තැබුවා එදා ඔහු කිව්වේ මොකක්ද මගේ පුස්ථකාලය ගිනි තිබ්බට මගේ උගත් කම තියෙන්නේ ඔලුවේ කියලායි එහෙම කෙනෙක් පරදින්න ඡන්දය ඉල්ලයිද නැහැ ඔහු තමයි මෙවර ජනාධිපතිවරණයෙන් දිනන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….