1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන් පිරිසකට ඉඩ දීම ද පොලිසිය විසින් සිදුකරන ලද බරපතල වරදක් ලෙස අපි දකිමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුස්මරණය අයිතිවාසිකමක් ලෙස පිළිගනී. පුද්ගලයෙකුගේ හෝ සිදුවීමක මතකය ආරක්ෂා කිරීම සඳහා ස්මාරක ඉදිකිරීම, කෞතුකාගාර නිර්මාණය කිරීම හෝ සමරු උත්සව පැවැත්වීම අනුස්මරණ අයිතිවාසිකමට අයත් වේ. අනුස්මරණ අයිතිය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සදහා අතිශය වැදගත් වේ. එසේම, අනාගතයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම වැළැක්වීමට ද එය උපකාර විය හැකිය.

සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රජය සත්‍ය හා සංහිඳියා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින්, විවිධ පාර්ශ්ව සමග ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී පුරවැසියන්ගේ අනුස්මරණ අයිතිය මේ අන්දමින් හෙළාදැකීම ප්‍රශ්නකාරීය. එමගින් සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ අවංකභාවය ප්‍රශ්න කිරීම සාධාරණ වේ.

එම නිසා, වහා මේ සම්බන්ධයෙන් සොයා බලා වැරදි පාර්ශ්වයන්ට එරෙහිව විනය හා නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, නැවත එවැනි වැරදි සිදු නොකරන බවට තහවුරු කරන ලෙසටත්, පුරවැසියන්ගේ අනුස්මරණ අයිතිවාසිකමට ගරු කරන ලෙසටත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

නිදහසේ වේදිකාව
අලුත් කතාබහ
I Have a Dream

 

I Have a Dream

Similar Posts