අපි නොදන්න MEDIA

media

ප්‍රාදේශිය වාර්තාකරුවෝ කවුරුන්ද?

කෝවිඩ් ව්‍යාප්තිය කොළඹ ටිකෙන් ටික වැඩි වෙද්දි මම හෙමින්ම කොළඹින් ගමට ආවේ තියෙන රෝගත් එක්ක මැරෙන්න තියෙන පොඩි බයකුත් එක්කම තමයි…

ඒ අතරේ ගෙදර ඉඳන් Online වැඩ කළත් ටිකක් එළියට බැහැලා වැඩ කරන්න නැති වුණාම කෑවේ නෑ වගේ…
ඔය අතරෙයි ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නෙක් ඔළුවට දැම්මේ ”චැනල් එකක වැඩ කරමු” කියල.
”නිවුස්” හොයාගන්න රට වටේ ඉන්න බොහෝ ප්‍රාදේශිය වර්තාකරුවෝ අතරේ ලොකු පොරයක් තියෙනවානේ. ඒක දැන් රහසක් නෙමෙයි. හැබැයි මේ පොර පිටිය හදන්නේ කොළඹ කන්තෝරුවලින්ම තමයි කියලා ජනතාව දන්නේ නෑ. කොළඹ කන්තෝරුවල ඉන්න පිරිසට ඕනැ වෙන්නේ ‘කරකෙන් හෝ කෙමනෙන්’ News එක ගෙන්වා ගන්න විතරක් නිසා කිසිම ”ප්‍රමිතියක්” නැතිව වාර්තාකරුවෝ පත්කරගැනීමෙන් තමයි මේ ගැටුම් නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ දේවල් දන්න නිසාම මම ඒ ගැන වැඩි කැමැත්තක් නොදැක්වුවත්, ගෙදරට වෙලා කොටු වෙන්න තියෙන අකමැත්ත නිසා ”TV දෙරණ” NEWS එකේ ඉන්න පරණ මිතුරෙක්ට කතා කරලා එහෙට නිවුස් දාන්න අවස්ථාවක් ඉල්ලුවා. එක් චැනල් එකකට ප්‍රාදේශිය වාර්තාකරුවෝ දෙතුන් සියයක් ඉන්නා බව දන්න නිසාත්, එක ප්‍රවෘත්තියකට ගෙවන්නේ සොච්චම් මුදලක් බව දන්න නිසාත්, ඒ මත යැපීමේ බලාපොරොත්තුවක් මට නැති බව මම මිතුරට කිව්වා. දවස් කීපයකින් BioData එකක්, හැඳුනුම්පත් කොපියක්, පදිංචි සහතිකයක් එහෙමත් මගෙන් ඉල්ලගෙන එයා නිවුස් දාන්න FTP Folder එකක් හදලා, චැනල් එක Brand වෙන්න එයාලා දෙන මයික් ලෝගෝ පෙට්ටියකුත් මට දුන්නා.

ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නට තියෙන සම්බන්ධකම් නිසා ඒ අයට ලැබෙන නිවුස් ටික මමත් කොළඹට යැව්වා. ඔය විදිහට පහුගිය මාර්තු ඉඳන් ජූලි මාසෙ වෙනතුරුම නිවුස් ටිකක් යැව්වා. හැබැයි ඇතැම් චැනල් අවුරුදු ගණන්, මාස ගණන් Reporter’s Payments නොගෙව්වට ඒ දැම්ම නිවුස්වලට පොඩි පොඩි Payment කිහිපයකුත් ඒ මාස කීපයට මට දාලා තිබුණා.
වැඩ කරගෙන යද්දි ”රිපෝටර්” පොරපිටිය රත්වුණා. මිතුරන් හතුරන් වෙන්න පටන් ගත්තා. පත්තරකාරයෙක් වුණු මට මේ ”රිපෝටර් පොරපිටිය” ට අකමැති බව කොළඹ චැනල් එකේ ඉන්න මගේ මිතුරට කිව්වා. මම වැඩේ අතෑරියා… .
”අතෑරියා” කියන්නේ Media අතෑරියා කියලා එහෙම නෙමෙයි ඕං.

මේ අතරේ අද (09/16) පාන්තර 01.13ට මම දැක්කා Whatsapp එකට Massage එකක් ඇවිත් තිබුණා සේවය අවසන් කළ බව දැනුම් දෙනවා කියලා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අත්සත් කරපු ලිපියක්. ඒ ලිපියේ පිටපතුත් ගමේ ආයතන කිහිපයකට යොමු කරලා තිබුණා.

පුදුමේ කියන්නේ ඒ ලිපියෙනුයි මම දන්නේ මම 2021 මාර්තු මාසේ (දිනයක් සඳහන් කර නෑ) ඉඳලා තාවකාලික පදනම යටතේ ”අද දෙරණ නිදහස් ප්‍රාදේශිය මාධ්‍යවේදියකු” ලෙස ඒ අය මම පත්කරගෙන ඉඳලා තිබිලා තියෙනවා කියලත්…
මේ තමයි අපේ රටේ බොහෝ ”රිපෝටර්”ලගේ, එහෙමත් නැත්නම් ප්‍රාදේශිය වාර්තාකරුවන්ගේ ඇත්තම තත්ත්වය.
අපි රටේ තොටේ විත්තියක් දැනගන්න TV එක ඉස්සරහට වෙලා හිටියට ඒ බලන නිවුස් ටික හොයන්නෙ රට වටේ ඉන්න ප්‍රාදේශිය වාර්තාකරුවො.

මේ අය කොළඹ තියෙන මාධ්‍ය ආයතනවල ඉන්න බොහෝ අය කියන්නෙ ”කොරාලා” කියලයි. පොඩි සමච්චලේකුත් එක්ක එහෙම කිව්වට ඒ කියන්නේ වාර්තාකරු (correspondent) කියලම තමයි. ඒ අයට මාධ්‍යවේදියා (Journalist) කියනවටත් කොළඹ මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල ඉන්න බොහෝ අය කැමැති නෑ. ඒ අකමැත්කතට සාධාරණ හේතු නැතුවමත් නෙමෙයි. ඒක වෙනම කතාවක්. හැබැයි අපි පත්තරයක වුණත් රූපවාහිනියක වුණත් බලන දකින ප්‍රවෘත්තිවලින් වැඩි කොටසක් ආවරණය කරන්නේ මේ කියන වාර්තාකරුවොයි. ඒ ගැන තර්කයක් නෑ.

තමුන් ප්‍රවෘත්ති සපයන ආයතනයෙන් ඒ සඳහා ලැබුණු පත්වීම් ලිපියක් නෑ. පඩි වාර්ථාවක් ගන්න බෑ. අවුරුදු ගානක් වැඩ කළත් එක තත්ත්පරයෙන් වැඩ නැවැත්තුවම, වඉත් කළාම ඒවට විරුද්ධව පියවර ගන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසිලා නෑ. හැඳුනුම්පතක් නෑ. ප්‍රවෘත්ති ආවරණයකදි පහරදීමක් වුණොත්, කැමරා උපකරණ කැඩුවොත් වන්දියක්, රක්ෂණාවරණයක් නෑ. ප්‍රවෘත්ති ආවරණ කටයුත්තක් වෙනුවෙන් ඇතිවන ගැටුමක් නිසා අධිකරණයට ගියොත් නීතීඥ ගාස්තු ගෙවන්නේ නෑ.

වැඩ කරන ආයතනයේ ඉන්න නිලධාරීන් ටික දන්නේ නෑ. ඒ අයගේ තනතුරු දන්නේ නෑ. මැරුණොත් අඩුම තරමින් බැනරයක් මල්වඩමක් හෝ ලැබෙයි ද විශ්වාසයක් නෑ…
ඒත් ගමේ ඉන්න ඉහළම පුරවැසියගෙ ඉඳන් පහළම පුරවැසිය වෙනතුරු හැමෝගෙන ප්‍රශ්න ගැන බලන්නේ මේ අය. දූෂණයක් මංකොල්ලයක් වුණාම, අසාධාරණයක් අයුක්තියක් වුණාම, දුකකදි කරදරයදකි කථා කරන්නේ මේ අයට. බණට, තොවිළෙට, කථා කරන්නෙත් මේ අයට. මැති ඇතැතිවරු, ඉහළ රාජ්‍ය නිලධාරීන් ළඟින් තියාගෙන ඉන්නෙත් මේ අය.

හැබැයි හැමෝගෙන අයිතීන් ආරක්ෂා කරන්න මැදිහත්වෙන මේ අයගෙ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් බොහෝ සංවිධාන කණ්ඩායම් විවිධ උත්සාහයන් දැරුවත් මේ වරදේ ”මුළ” වෙනස් කරන්න තවම ඒ කාටවත් පුළුවන් වෙලා නෑ.!!!

-@ජනක බලල්ල-
ජනක බලල්ල ලියලා තියෙන මේ පෝස්ටෙක බෙදාගන්න හිතුවේ අපි කාලයක් තිස්සේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තිබෙන මේ ගැටලු ගැන සාකච්ඡා කරමින් සිටින නිසා සහ ඒවාට මැදිහත් වන්නට යම් උත්සාහයක් ගන්නා නිසා. එහෙත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ට තමන්ගේ වෘත්තීය අයිතීන් දිනාගන්නට නිහැකිවෙලා තියෙන්නේ ඔවුන්ගේම යම් යම් ආකල්ප නිසා සහ ඔවුන් මේ සටනට ස්ථිරසාරව බහින්න තියෙන අකමැත්ත නිසා. කොහොම වුණත් මේ සංවාදය ඉස්සරහට ගෙනියමු..

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….