rap

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද 04 වන දිනටත් ක්‍රියාත්මකයි. ඊට එක්වූ පිරිස් ඊයේ රාත්‍රියේද නිදි වර්ජිතව ගාලු මුවදොර පිටියේ රැදී සිටියා.

රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. මේ, විරෝධතා භූමියේදී ඔහු ගැයූ අවසන් ගීතතයි.

මේ අතර දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ සංඝරත්නය ද දැඩි කණගාටුව පළ කරනවා. එ, ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව, පවත්නා අර්බුදය පිළිබඳ දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුවයි.

උන් වහන්සේ පවසන්නේ පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා, වගකිව යුතු මහජන නියෝජිතයන්, පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයට පැහැදිලි විසදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපේක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව ඔවුන් කටයුතු කර ඇති බවයි.

Similar Posts