රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ වන විට තේරුම් අරන් ඇතැයිද කියා සිටියි.

නිදහසින් පසු අවුරුදු 06ක් හැර අනෙක් සියලුම අවුරුදු 70ක් තුළ ලංකා ආණ්ඩුවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබී නැතැයිද, අතීතයේ පැවති හෝ අනාගතයේ ඇතිවන කිසිදු ආණ්ඩුවකට මෑත කාලය තුළදී එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක් නැතැයිද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

Similar Posts