ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි

gamemaraya

‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය.

බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික‍්‍රමසිංහ මාවතේ පදිංචිව සිටි වික‍්‍රමආරච්චිගේ දොන් ඉසුරු අශේන් සිසුවාගේ මළසිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන් ගෙයි කොන්ක‍්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී පෙරේදා (11දා) රාත‍්‍රී සොයා ගැනීමෙන් අනතුරුව අශේන්ගේ පියා හඬා වැටෙමින් අප සමඟ එසේ පැවසීය.
ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා මරු අරන් යයි කාමරයේ තිබී හමුවූ ඩේටා කාඞ්

මෝලි වික‍්‍රමාරච්චි (46) හා අශෝකා රංජනී (43) දෙපළගේ කැදැල්ලට මීට වසර පහළොවකට පෙර හාපුරා එකතු වූ ඉසුරු අශේන්, බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ‍්‍රී ස්වර්ණජෝති මහ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකි. අධ්‍යාපනයට මෙන්ම නර්තනයටද එකසේ හපන්කම් දැක්වූ අශේන් මේ වන විට එම විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. මව්පිය දෙපළට ඇස් දෙක වන් අශේන් ඔවුන්ගේ මෙන්ම අසල්වාසීන්ගේ සහ ඥාතීන්ගේ ආදරය නොමදව දිනාගනිමින් කෙළිදෙළෙන් ගතකළ දරුවකු බව අසල්වාසීහු කීහ.

මියගිය දරුවාගේ පියා වන මෝලි වික‍්‍රමආරච්චි මහතා මෙසේද පැවසීය.

‘‘දරුවා ළඟ තිබුණ පරණ ෆෝන් එක දෙපාරක් කැඩුණ නිසා එයාට ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්න අලූත් ෆෝන් එකක් අරන් දුන්නා. රුපියල් 33,000 ක් වටිනා ෆෝන් එක මාස හයක් ගෙවීමේ පදනම මත තමයි මම අරගෙන දුන්නේ. ඔන්ලයින් අධ්‍යාපනය නැති වුණාට පස්සෙත් පුතා නිතරම ෆෝන් එකේ තමයි හිටියේ. ඒත් අපි හිතුවේ නෑ පුතා මේ වගේ විපතක් කරගනී කියලා.
ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා මරු අරන් යයි

පෙරේදා (11දා) දහවල් මමයි පුතයි විතරයි ගෙදර හිටියේ. එයාගේ අම්මා වැඩට ගිහින්. අපි දෙන්නම සාලෙ ඉඳගෙන කතා කර කර ටීවී බැලූවා. පස්සෙ මම දැක්කා එයා ගේම් ගහනවා, දවල් වෙනකොට අපි දෙන්නම බත් කෑවා සාලයේ ඉඳගෙනම. කකුළුවෝ උයලා තිබුණා පුතා හරිම ආසාවෙන් බත් කෑවා. අනේ ඒ වෙලාවෙ මගේ පුතා මගෙන් ඇහුව තාත්තෙ පොකුරිස්සෝ ගේන්න බැරිද කියලා. මම කිව්වා පුතේ මම ගෙනත් දෙන්නම් කියලා.

කෑම කාල ඉවර වෙලා මම පුවක් කපන්න පටන් ගත්තා. පුතා කාමරේට ගියා. මම හිතුවා නිදාගන්න යන්න ඇති කියලා. දවල් 2.45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා විට එකක්වත් නෑ ගේන්න කියලා. මම ඒ එක්කම පුතේ කිව්වා. පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම. මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා.

අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න. මම ඉක්මනට ඔතන්නම් කියලා. මම බුලත් විට ටික බෑග් එකට දාගෙන ඉස්සරහට එනකොට පුතත් මගේ පස්සෙන්ම ආවා. පස්සෙ මම ත‍්‍රීවීල් එකක් අරං කඬේට ගියා.

පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කළත් එයා කතා කරේ නැහැ. පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ ඉඳලා එක පාරක් කතා කළත් ඇයි තාත්තා කියලා අහනවා. මම කාමරයේ බැලූවා. ඒත් පුතා පේන්න හිටියේ නැහැ. මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක‍්‍රීට් එකේ එල්ලිලා ඉන්නව දැක්කා.

මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සාහ කළත් මට ඒක කරන්න බැරි වුණා. මම කාන්ති අක්කෙ, රංජනී අක්කේ කියලා හයියෙන් කෑගැහුවා. කට්ටිය දුවගෙන ආවා. අපි එකතු වෙලා පුතාගේ බෙල්ලෙ තියෙන ලණුව ලෙහුවා. විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා.

දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඬේටා කාඞ් 50 කට ආසන්න ප‍්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

තවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට ආසන්න ප‍්‍රමාණයෙන් 99% ක් පමණ (විවිධ ක‍්‍රීඩා) ගේම් ඡායාරූප මෙන්ම ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව මෙම දරුවා දැඩිව ගේම් ගැසීමට පුරුදු පුහුණු වී ඇති බව පැහැදිලි වන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

දරුවාගේ මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පී. සී. ආර්. පරීක්ෂණයකින් අනතුරුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ආර්. ඒ. ගුණසේකර, පොලිස් සැරයන් (41070) ප‍්‍රියංකර මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….