කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක්

H.W-Cyril

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය අයු කාලය අවුරුදු හතළිස් හයක් (46) ක්. අද 2021 වෙන කොට ලංකාවේ මනුෂ්‍යයෙකුගේ සාමන්‍ය ආයුෂ කාලය අවුරුදු හැත්තෑ දෙකක් (72) හැත්තෑ හතරක් (74) වගේ වෙලා තියෙනවා. දිගටම පොහොර තෙල් ගහපු වස විසම අපි කෑවා නම් කොහොමද මෙච්චර කාලයක් අපි ජීවත් වෙන්නෙ…?

කෘෂි රාසායනික තහනම හා කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම මේ දිනවල ඉතා කතාබහට ලක්වී ඇති මාතෘකාවක්. මේ සම්බන්ධව ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙය හොද අදහසක් නමුත්, කඩිමුඩියේ ඒය සිදු කිරීමට නොහැකි බවයි. කෘෂිකාර්මයට ආදල කෘෂි විද්‍යායින් පවසන්නේ මෙවැනි වසංගත තත්ත්වයට මුහුණ දී තිබෙන අවස්ථාවක මෙවැනි අත්හදා බැලීම් සිදු කිරීමට යාම නිසා ඉන් තවත් ගැටළු රාශියකට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

“කැලේ හැදෙන කිසිම ශාඛයක් සදහා අප කිසිම අමතර පොහොරක් යොදන්නේ නෑ. ඒ ඇයි..? අපි ඒ කිසි දෙයක් ඒ පරිසරයෙන් ඉවත් කරන්නේ නැති නිසා. ඒ ගස් හැදෙනවා. ඒ ගස්වල කොල, මල්, ගෙඩි ඒ ගහේ බිමට වැටෙනවා. අන්තිමේදී ගහත් මැරිල පොළොවට වැටෙනවා. එතකොට ඒ ගහේ තියෙන සියලුම රසායනික ද්‍රව්‍ය නැවතත් පොළවට ලැබෙනවා. මේක චක්‍රයක් වගේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා.

නමුත්, අපි අපේ කෘෂිකර්මය ගත්තොතින් ඊට වෙනස්. තේ, වී, රබර්, පොල් ගත්තත් අපි අස්වැන්නක් නෙළා ගන්නවා. ඒ කොටස ඒම භූමියෙන් අරගෙන යනවා ඒය සැලකිය යුතු ප්‍රමාණයක්. අන්න ඒ ටික අපි ගන්නකොට ඒවායේ අඩංගුයි ඔය අපි කියන රසායනික ද්‍රව්‍ය.

වී ටොන් 1 ක අස්වැන්නක් අපි එක්තරා භුමියකින් ලබාගන්න විට ආසන්න ලෙස පොටැසියම් කිලෝ 18ක්, නයිට්‍රජන් කිලෝ 17ක්, මැග්නීසියම් කිලෝ 4ක්, කැල්සියම් කිලෝ 4, පොස්පරස් කිලෝ 3ක්, ඒම භුමියෙන් ඉවත් කර ගන්නවා. මේ ආකාරයෙන් දිගින් දිගටම මෙම භූමියේ වගා කරගෙන අස්වැන්න නෙලා අයින්කරගෙන යන විට ඒම භූමියෙන් සැලකිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අයින් වෙනවා.

ඒම බෝගය දිගින් දිගටම වවන්න ඕනි නම් අපි ඒසේ අයින් කරන පෝෂ්‍ය පදාර්ථ නැවත වරක් ඒ භූමියට ලබා දෙන්න ඕන. ඒ ලබා දෙන්නේ කාබනිකව ද රසායනිකව ද කියන ඒක ප්‍රශ්නයක් නැහැ. මොන යම් හෝ ක්‍රමයකින් මේ කියන පෝෂණ ප්‍රමාණය නැවත මහ පොළවට ලබාදෙනවා නම්, එම ශාකය අප බලාපොරොත්තු වන නිෂ්පාදනය නැවත අපට ලබා දෙනවා.

සත්වයෙක් හෝ ශාඛයක් නිරෝගීව වැඩීම සදහා, ඊට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි කලට නිසි ප්‍රමිතියෙන් යුතුව ලබා දීම සිදු කළ යුතුයි. අපේ ශරීරයට යකඩ අවශ්‍ය කියල දොස්තර කිව්වොත් අපි රේල් පීල්ලක් කන්න යන්නෙ නැහැ.

උණක් හිසරදයක් හැදුනම අපි පැනඩෝල් කාඩ් ඒකක් ඒකවර බොන්න යන්නෙ නැහැ. හැම දෙයකටම ප්‍රමිතියක් තියෙනවා. වගාවට රසායනික පොහොර භාවිතයත් ඒසේ ප්‍රමිතියකට විද්‍යාණුකූල ක්‍රමයකට සිදු විය යුතුයි. ඒහි ප්‍රමිතිය මෙන්ම ඒවා භාවිතය ද නිවැරදිව අධීක්ෂණය විය යුතුයි.

ලෝකයේ වැඩිවන ජනග්‍රහණයට සාපේක්ෂව හා කෘෂි ඉඩම් වේගයෙන් සීමා වීම මත, සියලුම රටවල් තමන් සතු බෝග කෙටි කාලයක් තුළ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා වැඩි දියුණු කළා. දැන් ලෝකය පුරා තිබෙන්නෙ ඒසේ වැඩි දියුණු කළ බෝග. ඒම බෝග වැඩිපුර ප්‍රථික්‍රියා දක්වන්නෙ රසායනික පොහොර සදහායි.

එදා අපි වගා කරපු හීනැටි, සුවඳැල් වැනි වී ගත්තොත් ඒහි අස්වැන්න ඉතා අඩුයි. අස්වැන්න නෙලීම සදහා ගතවන කාලයත් වැඩියි. ඒ නිසාම අස්වැන්න නෙළලා අයින් කරනකොට ඉන් ඉවත් වෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය ඉතා සීමිතයි.

නමුත්, දැන් අපි වගා කරන අලුත් වී වර්ග ගත්තොතින් කෙටි කාලයක් තුළ ඉන් සෑහෙන්න අස්වැන්න ලැබෙනවා. ඒ නිසාම ඉන් ඉවත්වෙන පෝෂ පදාර්ථ ප්‍රමාණයත් සෑහෙන්න වැඩියි. මෙන්න මේ ඉවත් වෙන පෝෂ්‍ය පදාර්ථ ඉක්මනිල් ලබා දීල වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා තමයි කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර භාවිතාව දියුණු වුනේ.

මේ දිනවල කාබනික වගාව ගැන කතා කරන අයගේ කෘෂි කාර්මික දැනුම ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත කතා කරන්නේ නැතුව, ජනප්‍රිය මාතෘකාවක් අල්ලගෙන කතා කරනවා වගේ මට පේන්නේ.

නමුත් කෘෂි ක්ෂ්ත්‍රයේ විෂේශඥයින් පිරිසක් ඒක්වෙලා රජය වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කරල තියෙනවා. මෙසේ ඒකවර කාබනික පොහොරවලට වගාවන් මාරු කිරීම කළ නොහැකි බවත්, ඒසේ කිරීමෙන් ඉන් දරුණු ප්‍රථිපලයන්ට මුහුණ දීමට සිදු විය හැකි බවත් ඔවුන් ඉන් පෙන්වා දී තිබෙනවා.

ඒමෙන්ම, පසුගියදා බතලගොඩ වී පර්යේෂණ ආයතන කාබනික පොහොර භාවිතා කරමින් කන්න 10ක් තිස්සේ සිදු කළ පර්යේෂනයකින් හෙක්ටයාරයකට වී වගාවක් සදහා කාබනික පොහොර ටොන් 5ක් අවශ්‍ය වන බවත්, ඒසේ වගා කිරීමෙන් ලැබෙන අස්වැන්න 30% කින් පමණ අඩු වෙන බවත් පෙන්වා දී තිබෙනවා.

ඒසේ අස්වැන්න 30% කින්අඩු වෙනවා කියන්නේ ලංකාවේ වී නිෂ්පාදනය 30%කින් අඩු වෙනව කියන ඒක. දැනට අපි යාන්තම් වී වලින් ස්වයං පෝෂිතයි. 30%කින් අඩු වෙනවා අපි එක්කෝ ඒම ප්‍රමාණය පිට රටකින් ගේන්න ඕනේ. එහෙම නැතිනම් අපි වී වගා කරන භූමි ප්‍රමාණය 30% කින් වැඩි කරන්න ඕනේ. ඒහෙම භූමි ප්‍රමාණය 30%කින් වැඩි කරනවා කියන එක ලංකාවේ කරන්න අමාරු දෙයක්. මොකද ඉඩම් ප්‍රශ්නයත් තියෙන නිසා. එහෙ නම් පිට රටින් හාල් ගේන්න ඕන.

රජය දැනටමත් පකිස්ථානයෙන් හාල් ගෙන්වන්න තීරණය කරලා. ඒහෙම නම් ඒ ගේන හාල් නිෂ්පාදනය කරල තියෙන්නෙ කාබනික පොහොරද භාවිතා කරල ද..? අපිට සහතික කරන්න පුලුවන්ද ඒ පිටරටින් ගේන සහල්වලට රසායනික පොහොර භාවිතා කරලා නැහැ කියලා.

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය ඉතාමත් විශාලයි. අපි හිතමු තෙත් බරට අමුද්‍රව්‍ය දාලා කාබනික පොහොර හැදුවයි කියලා, සාමාන්‍යයෙන් ටොන් පහක් දාලා හැදුවොත් අපිට ගන්න පුළුවන් කාබනික පොහොර ප්‍රමාණය ටොන් එකක ප්‍රමාණයක්. ඒමෙන්ම, මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හොයාගන්න ප්‍රායෝගිකව අමාරුයි. කොම්පෝස්ට් දැම්මත් ඒ සමග වගාවට ද්‍රව නයිට්‍රජනුත් යෙදිය යුතුයි. ඒමෙන්ම, කොම්පෝස්ට් වගාවකට යෙදීමෙදි ඒ වගාවේ වල්පැලෑටි ඇති වෙනවා. දැන් වල්නාශක තහනම්. එතකොට අපිට පුලුවන් ද මේ සියලුම වල් පැලෑටි අතින් උගුල්ලන්න.

දැන් කාබනික පොහොර පිටරටින් ගේනවා කියලාත් කියනවා. එහෙම පිටරටින් ආවොත් ආගන්තුක වල් පැළෑටි අපේ රටට ඒමේ හැකියාවක් තියෙනවා. කොම්පෝස්ට් කියන්නේ කිසිම අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවන සුරක්ෂිත පොහොරක් නෙමෙයි. මොකද ඒකෙ ඉන්නව සෑහෙන්න ක්ෂුද්‍ර ජීවීන්.

පිටරටින් ගේනවා නම් අපේ පරිසරයට අනවශ්‍ය ක්ෂුද්‍රජීවීන් ඇතුල් වීමේ හැකියාවකුත් තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව අපි සෑහෙන්න පරිස්සම් විය යුතුයි. ඒ වගේම මේවා හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය වල තියෙන බැර ලෝහ ප්‍රමාණය රසායනික පොහොරවල තියෙන බැර ලෝහ වලට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ ගැනත් අපි ප්‍රවේශම් විය යුතුයි.

දැන් හැමෝම අහන ප්‍රශ්නය තමයි ලබන සැරේ කන්නේ වගා කරන්නේ කොහොමද කියන එක. අපේ ගොවීන්ගෙන් 1%ක් වත් කාබනික පොහොර සකස්කරගන්න සූදානමක් තවම නැහැ. එහෙම වුනොත් වෙන්නේ අනාගතයේදී අපිට සෑහෙන්න ආහාර අර්බුදයකට මුහුණ දෙන්න”

මහාචාර්ය ඒච්.ඩබ්ලිව් සිරිල් මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ පසුගියදා කබනික පොහොර භාවිතයේ ගුනාගුණ යන තේමාව යටතේ හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන විසින් සංවිධානය කළ මාර්ගගත සංවාදයේ ප්‍රධාන දේශණය ඉදිරිපත් කරමිනි.

සටහන – දිනිති සුපේක්ෂලා

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….