ජනපතිගෙන් තරුණයින්ට පොරොන්දුවක්

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි.

දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ආර්ථික පරිවර්තන නීති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එමඟින් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකට පරිවර්තනය වීමට අප බලාපොරොත්තු වෙනවා. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි අපනයනය පදනම් වූ ආර්ථිකයක් මෙරට ද ගොඩනැඟිය යුතුයි.”

“ඒ වගේම ඔබේ ඉල්ලීම පරිදි ඉදිරි මාස දෙක තුළදී දකුණු ඉන්දීය කලාකරුවන් සමඟ විශාල ප්‍රසංගයක් යාපනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා. බංකොලොත් ආර්ථික‍යෙන් රට මුදවාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයක් හැටියට අප ඉදිරියටත් කටයුතු කරනවා.”

ලෝක ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් ලංකාවට පැමිණීමෙන් තරුණ ප්‍රජාවට ලැබෙන ප්‍රයෝජනය කුමක් ද යන්න එහිදී එක් තරුණයෙකු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මම ඊලොන් මස්ක් සමඟ ගෝලීය “Starlink” ජාලය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. “Starlink” සමඟින් කොළඹින් පිටත Wi-Fi ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා. ඒ වගේම ඔහු සමඟ අප රට සතු පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්, සූර්ය බලශක්ති විභවය පිළිබඳව ද සාකච්ඡා කළා. අපේ රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට මෙරටට පැමිණෙන ලෙස මා ආරාධනා කළා. ඒ වගේම ”Starlink” ජාලය ගැන සොයා බලන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. බොහෝ දුරට එහි වැඩකටයුතු අවසන් වී තිබෙනවා. ඉතිරිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන අනුමැතිය ලබා ගැනීම පමණයි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….