dailyreporter

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන හැටන් වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කෝලාම් දැමිමේ තරගය 17වන දින සවස හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේදි පවත්වන ලදි.

මෙම කෝලාම් දැමිමේ තරගය සදහා සෙරන්ඩිප් ආයතනය මගින් අනුග්‍රහාය දක්වා තිබු අතර මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස මුදලින් රුපියල් හතලිස් දාහාක්, දෙවන ත්‍යාග ලෙස මුදලින් රුපියල් විසිපන්දාහාක් තුන්වන ත්‍යාගය ලෙස මුදලින් රුපියල් විසි දහසක් ලබා දිමට පියවර ගෙන තිබුනි.

මෙම තරගය සදහා හැටන් වැවිලි සමාගම, කැළණි වැලි වැවිලි සමාගම, කොටගල වැවිලි සමාගම, හොරණ වැවිලි සමාගම, මස්කෙළිය වැවිලි සමාගම, බගවන්තලාව වැවිලි සමාගම, මඩෝල්සීම වැවිලි සමාගම, යන වැවිලි සමාගම් නියෝජන කරමින් කාන්තාවන් ඉදිරිපත්ව සිටින ලදි.

මෙම කෝලාම් දැමිමේ තරගයේදි ප්‍රධම ත්‍යාගය කොටගල වැවිලි සමාගම හිමි කර ගත් අතර එහි දෙවන ස්ථානය හැටන් වැවිලි සමාගමද තෙවන ස්ථානය බගවන්තලාව වැවිලි සමාගම විසින්ද හිමි කර ගන්නා ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts