ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් එක්සත් රාජධානියේ නීතිපති, රාජකීය නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් දැනුවත් කරනු ලැබ තිබේ.

අධිකරණ අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගිය දා එක්සත් රාජධානියේදී හමුවූ බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ ය.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්ය භාර්යන් සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහය ලබා දීම පිළිබඳවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර තිබිණි.

මේ අතර, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා මහාධිකරණයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරිය දැනුවත් කරනු ලැබ තිබේ.

Similar Posts