ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි – ලෝක බැංකුව

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය.

මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය ද ඇය අවධාරනය කළ බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Bjerde ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කැබිනට් අමාත්‍යවරුන්, විරුද්ධ පක්ෂ නියෝජිතයින්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ ලෝක බැංකු ව්‍යාපෘති ප්‍රතිලාභීන් හමුවිය.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් ඇතුළත් MDB+ වේදිකාවේ සාමාජිකයන් ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ සංවර්ධන හවුල්කරුවන් සහ ජනාධිපතිවරයා විසින් පවත්වන ලද වටමේස සාකච්ඡාවකට ද ඇය සහභාගි වූවාය. මෙම වේදිකාව සාමාජික ආයතනවලට ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ සම්බන්ධීකරණය සඳහා පහසුකම් සපයයි. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, සංවර්ධනය සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම, රැකියා උත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

විනාශකාරී බලපෑම් සහිත පෙර නොවූ විරූ කම්පන මාලාවකින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට වෙමින් තිබියදී, ආයෝජන ආකර්ෂණය ඇති කරගත හැකි, රැකියා උත්පාදනය කළ හැකි, දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කළ හැකි ආර්ථික වර්ධනයක් ඇති කරන අතරම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යහපත්, කාලෝචිත ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීම සහ අනාගත අර්බුදවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ද ඒ හා සමානව පාලනය, පුරවැසි සහභාගීත්වය සහ සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද Bjerde අවධාරණය කළාය.

“මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා., ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල අවස්ථාවන් ද මම දැක්කා. ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් වීමේ ගමනට, ගොවීන් වෙළඳපොළට සම්බන්ධ කිරීමට, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමට, නවෝත්පාදනයන් ඉහළ නැංවීමට, යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජන හරහා පරිවර්තනයක් හඹා යාමට සහ කාන්තාවන්ට සහ තරුණයින්ට ගුණාත්මක රැකියා උත්පාදනය කිරීමට ලෝක බැංකුව අඛණ්ඩව සහාය වනු ඇත,” යි Bjerde අවධාරණය කළාය.

2022 මැයි මාසයේ ඇති වූ ආර්ථික අර්බුදයේ ආරම්භයේ දී, වෙන් කරන ලද අරමුදල් නැවත ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව (විශේෂයෙන් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය) නරකම බලපෑම්වලින් ආරක්ෂා කිරීමට ලෝක බැංකුව වේගයෙන් පියවර ගත්තේය. මීට අමතරව, ලෝක බැංකුව අර්බුදයට මුල්ම ප්‍රතිචාර දැක්වූ ආයතනවලින් එකක් වූ අතර මූලික සේවා සහ භාණ්ඩ සැපයුම තිරසාරව පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා හදිසි ආධාර පෙළගැස්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සමඟ සම්බන්ධීකරණ වේදිකාවක් ආරම්භ කළේය.

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….