පාඩු මකා ගැනීම සඳහා පාරිභෝගිකයන් බිල්ලට

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය. විදුලිබිල නැවත වරක් වැඩි කිරීමේ සූදානමක්. මෙරට අවසාන වරට විදුලි බිලට සංශෝධනයක් ගෙන ආවේ 2022 අගෝස්තු මාසයේදීය.

එහිදී විශාල ලෙස විදුලි බිල වැඩි කරන ලදී. එසේ තිබියදී 2023 ජනවාරි පළමුවැනිදා සහ 2023 ජූනි මස නැවත වරක් විදුලි බිල වැඩි කිරීම සදහා විදුලිබල අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවෙහි දැක්වෙන්නෙ විදුලිබල මණ්ඩලයේ පාඩුව මකා ගැනීම සදහා සෑම වසරකම ජනවාරි හා ජුනි මාසයේදී විදුලි බිලට සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.

විදුලි බිල වැඩි කිරීම සදහා නීතියේ ප්‍රතිපාදන ඇත. ඒ පිළිබදව 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලි පනතේ 30 වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. විදුලි බිලෙහි සංශෝධනයක් කිරීම සදහා වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම වෙත ඉදිරිපත් කළ යුතුය මහජන උපයෝගීතා විසින් එකී යෝජනාවෙහි සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු කර අවශ්‍ය ගණනය කිරීම් සිදුකිරීමෙන් අනතුරුව මහජන අදහස් විමසීමක් කළ යුතුය.

විදුලි බිල සංශෝධනය කරනුයේ ඊට පසුය. එසේ තිබියදී නීතියට පටහැනි ලෙස මුදල් අමාත්‍යවරයා සහ විදුලි බල අමාත්‍යවරයා විසින් විදුලිබිල වැඩි කිරීම සදහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන ඒම නීති විරෝධී හා සදාචාර විරෝධීවේ. විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ විදුලිබල මණ්ඩලයේ පවතින අදූරදර්ශී පාලනය නිසා හා වංචා දූෂණ නිසා වන බැවින් එහි පාඩුව පාරිභෝගිකයා වෙත පැටවීම අසාධාරණ හා නීති විරෝධිවේ.

මෙහිදී විදුලි බිල වැඩිකිරීමට යෝජනා කර ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයින්ට හා කර්මාන්තකරුවන්ටය. 2023 වර්ෂයේදී විශාල ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තුවන බව රජය ප්‍රකාශ කරද්දී මෙසේ විදුලි බිල වැඩි කිරීම හාස්‍යජනකය. ආයෝජකයින්ට ආයෝජන සදහා ලංකාවට පැමිණීමට නම් මෙහි යටතල පහසුකම් හා සේවා ගාස්තු අඩුවිය යුතුය.

දේශීය කර්මාන්තකරුවනට නිෂ්පාදන වැඩි කළ හැක්කේ නිෂ්පාදන සාධකවල මිල අඩුවුවහොත් පමණි. ඒ අතින් බැලුවද විදුලි බිල වැඩි කිරීම අණුවන ක්‍රියාවකි. කෙසේ වෙතත් වර්තමාන අමාත්‍යවරයාගේ සමයේ විදුලි බිල දෙවතාවක් වැඩි කිරීමෙන් පෙනී යන්නේ විදුලිබල අමාත්‍යවරයාගේ අසාර්ථක භාවයයි.

ආයතනය පාඩු ලබන විට එම පාඩුව ගාස්තු වැඩිකර පාරිභෝගිකයාගෙන් ලබා ගැනීමට නම් අමාත්‍යවරයෙක් සිටීමෙන් ඵලක් නැත. විදුලි පාරිභෝගිකයා අමාත්‍යවරයාගෙන් බලාපොරොත්තු වන්නේ නිසි කළමණාකරනයකින් යුක්තව සාධාරණ ගාස්තුවකට විදුලි බලය ලබා ගැනීමය. ඒ නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලිය වැඩි කිරීම සදහා වන යෝජනාව වහා හකුලා ගන්නා ලෙසයි.

රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….