රජය මගින් පසුගිය ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා ඉහළ නැංවූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් හේතුවෙන් භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ යන ලදි.

ඒ අතරට පාසල් උපකරණද අයත් වූ අතර පෙර වසරට සාපේක්ෂව මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසයි.

එලෙස මිල ගණන් ඉහළ යාමත් සමග මේ වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුවෙකුගේ පොත් ලැයිස්තුව සඳහා අවම වශයෙන් රුපියල් 7500ක මුදලක් වැය කිරීමට මව්පියන්ට සිදු වෙයි.

06 ශ්‍රේණියේ සිසුවෙක් සඳහා අවමය රුපියල් 10,000ක් පමණද 10‍‍/11 ශ්‍රේණිවල සිසුන්ගේ පොත් ලැයිස්තුව සඳහා අවම වශයෙන් රුපියල් 14,000 පමණ මුදලක්ද වැයවෙයි.

මේ හේතුවෙන් නව පාසල් වාරයේ ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු වැනි දැ මිලදී ගැනීමේ දී මව්පියන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

Similar Posts