පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට ඊයේ (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­ත්ව­රුන් අතර ඊයේ දින හුව­මාරු කර­ගැ­නී­මක්ද සිදු විය.

ඊට අදාළ ලේඛන ගුවන් හමු­දාවේ පරි­පා­ලන අධ්‍යක්ෂ ජන­රාල් එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙ­ටි­පොල සහ පොලිස් මූල­ස්ථාන පරි­පාල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කැළුම් තිල­ක­රත්න මහ­ත්ව­රුන් විසින් එම හුව­මා­රු­වට පෙර අත්සන් තබනු ලැබීය. මේ අව­ස්ථා­වට ආර­ක්ෂක ලේකම් ජෙන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් වියානි ගුණ­ති­ලක මහ­ත්ව­රුද සහ­භාගි වුහ. මේ අව­ස්ථාව සල­කුණු කර­මින් පොලි­ස්පති හා ගුවන් හමු­දා­පති අතර සමරු තිළිණ හුව­ම­රු­වක් සිදු වූ බවත් සියලු දෙනාම සමූහ ඡායා­රූ­ප­ය­ක­ටද පෙනී සිටිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය නිවේ­ද­නය කළේය. පොලිස් මූල­ස්ථාන ගොඩ­නැ­ගිල්ල කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැ­ගි­ල්ලට රැගෙන යෑමෙන් අන­තු­රුව පොලිස් මූල­ස්ථා­නය පිහිටි මාර්ගය වාහන ගම­නා­ග­ම­න­යට විවෘත කිරී­ම­ටද නිය­මිත බවද අනා­ව­ර­ණය විය.

Similar Posts