පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ.

මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද?

කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ විශාල සංවාදයක් නිර්මාණය වී තිබේ. එය ඉතා වැදගත්ය.

එසේම, මෙවැනි ලිංගික පෝන් දර්ශනයක් සම්බන්ධයෙන් පවතින නීතිය ද සාකච්ඡාවට භාජනය වේ. අශ්ලීල සහ අසභ්‍ය යයි කියන ප‍්‍රකාශන සම්බන්ධ නීති පිළිබඳ එය වැදගත් සාකච්ඡාවක් වනු ඇත.

නිරුවත් රූ දෙස බලා ලිංගිකව සතුටු වීම හා වෙනත් අය ලිංගිකව හැසිරෙන ආකාරය දෙස බලා ලිංගිකව සතුටු වීම ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ වයර්රිස්ම් හෙවත් voyeurism කියායි. එවැනි අපභ්‍රංස නමක් එයට දමන්නට ඇත්තේ එය අසාමාන්‍ය ක්‍රියාවක් ලෙස සැලකුණු නිසා විය යුතු ය.

ස්කොපොෆීලියා යයි කියන්නේ ද මෙයට ම ය. එයට සිංහලෙන් දර්ශකාමය දර්ශන කාමය වැනි වචන යෙදේ.

කාම වීඩියෝ කර්මාන්තය හා ලිංගික සේවා සංකීර්ණ වී ඇති වර්තමාන යුගයේදී මේවා සාමාන්‍ය දේය.

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික දසුන් නැරඹීම ගැන විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර සමඟ බීබීසීයේ අරවින්ද තිසර රතුවිතාන කළ මෙම සාකච්ඡාවේදී ඇය සඳහන් කරන්නේ අස්වාභාවික යයි ඇය හඳුන්වන යම් ක්‍රියාවලට මනසින් යොමුවීම නිසා ස්වාභාවික යයි ඇය කියන ලිංගික ක්‍රියාවලින් සතුට ලැබීම අපහසු වන බවයි.

පෝන් චිත්‍රපට සුලබ වීමත් සමග ඇතිවන තත්වයක් ලෙස මා නම් දකින්නේ ලිංගිකත්වයේ තිබෙන කුහුල දනවනසුළු හා ගවේශනාත්මක රසවත් ස්වභාවය අඩුවී යාමයි. එමගින් ලිංගිකත්වයේ තිබෙන නිර්මාණශීලීත්වයත් අඩුවී යා හැකියි. පුද්ගලයන්ට ලිංගිකත්වය තුළින් තමන් සොයාගැනීමට හැකියාව ලැබෙනවා වෙනුවට ලිංගිකත්වය පිළිබඳ උවමනාවට වඩා පුළුල් දැනුමක් හේතුවෙන් නිර්මාණය වන ඒකාකෘතික ලිංගික ලෝකයක එම පුද්ගලයා අතරමං වන්නත් පුළුවන්.

මෙය උදාහරණයකින් පෙන්වා දුන්නොත්, අන්තර්ජාලය නැති, කාම දර්ශන ඡායාරූපයක්වත් ලබාගැනීම දුෂ්කර වූ සමයක නව යොවුන් වියෙන් වැඩිහිටි වියට සංක්‍රමණය වූ අපේ පරම්පරාවේ තරුණයන් ස්ත්‍රී සිරුරෙන් වින්ද ඒ කෞතුක රසය පෝන් දර්ශන හරහා භගමනිය දක්වා හැම දේම සියුම් විස්තර දක්වා දුටු වත්මන් පරම්පරාවට ලැබෙනවාද?

වර්තමානය වන විට, ඉතා සුලබ දෙයක් වන හෝම් මේඩ් හෙවත් සාමාන්‍ය පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද පෝන් වීඩියෝ ඇත්ත වශයෙන්මඇතිකරන්නේ ලිංගිකත්වය පිළිබඳ පහන් හැඟීමක් නොව, පිළිකුලකි.

පෝන් නිසා ලිංගිකත්වයේ අලුත් මානයක් විවෘත වේ යයි කෙනෙකු තර්ක කරන්නට පුළුවන්. ඒක මොකක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….