බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

billa

ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි.

මෙම විවිධාකාර බිල්ලන් පිළිබදව කතා කිරීම හෝ ඒවායේ බොළඳ බව පෙන්වා දීම හෝ මෙම ලිපියේ අරමුණ නොවේ. ඒ වෙනුවට මෙම කෙටි ලිපිය මගින් පෙන්වා දෙන්නට උත්සහ දරන්නේ අතීතයේ සිට මෙරට ජනතාවට මෙබඳු බිල්ලන් මැවීමේ දේශපාලන ඉතිහාසය කෙටියෙන් මතක් කර දීමත්, බිල්ලන් මැවීම දේශපාලන අවියක් ලෙස භාවිතා වන ආකාරය ගැන පෙන්වා දීමත් ය.

බොහෝ විට බිල්ලන් මැවීම සිදු වී ඇත්තේ රටට අලුත් දේ හඳුන්වා දීමට එරෙහිව බව පෙනෙන්නට තිබේ. එනම් , බොහෝ විට, නව සංවර්ධන කටයුතු වල දී ය.
මෙරට දුම්රිය මාර්ග ඉදිකොට සංවර්ධනය කරන්නට යන විට එයට විරෝධතා එල්ල වූ බව කියති. දුම්රිය මාර්ග මගින් ගම දෙකට බෙදීම , භයානක වාහනයකින් ඇතිවන අනතුරු ආදී වශයෙන් එම විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත.

තවත් එබඳු බිල්ලන් මැවීමක් සිදුව ඇත්තේ ගොවි ජනපද ඇති කොට ජනතාව පදිංචි කරවීමේ දී ය. ඒ ගැන මෙරට වාමාංශිකයින් කීවේ ජනතාව මැලේරියාවට බිලි දීමක් බව යි. අද ඒ කතන්දර කාටවත් මතක නැත.
සංචාරක ව්‍යාපාරය මේ දිනවල බොහෝ දෙනාගේ සහය ලබන ප්‍රධාන සංවර්ධන වැඩකි. නමුත් නවසිය හැට ගණන්වල සහ හැත්තෑ ගණන්වල සංචාරක ව්‍යාපාරයට විරෝධය එල්ල කළේ ‘අපේ ගැහැණු සුද්දන්ට ගණිකාවන් ලෙස විකුණන්නට යන’ බව කියමිනි. එදත් කීවේ ‘මේකෙන් අපේ සංස්කෘතිය ඉවරයි’ කියා ය.
නිදහස් වෙළෙඳ කලාපවලට විරුද්ධ වුයේ වහල් කලාප ක්‍රමයක් බව කියමිනි. අපගේ කම්කරුවන් සුරා කමින් ලාභය ද පිටරට ගෙනියනවා විනා අපට ලැබෙන දෙයක් නැතැයි කීහ. මුල් වෙළෙඳ කලාප ඉදිකරන ලද්දේ දැඩි විරෝධතා මධ්‍යයේ ය. දැන් ජනතාව කියන්නේ අපේ පැත්තටත් වෙළෙඳ කලාපයක් දෙන්න කියා ය.
නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන විට කීවේ ශ්‍රී මහා බෝධියත් විනාශ වෙන්න ඉඩ තිබෙන බවකි.
දේශපාලනයේ මෙබඳු ප්‍රචාර ඇතැම්විට සිදු කරන්නේ දැනුවත්ව නිර්මාණය කරන බොරු යොදා ගනුමිනි. වඳ කොත්තු, වඳ ටොෆී, වඳ සැත්කම් ආදිය මැතක උදාහරණ ලෙස ගත හැකි ය.

මෙලෙස බොරු ප්‍රචාර සහ හිතළු සම්බන්ධයෙන් තවත් දිගු ලැයිස්තුවක් කිව හැකි ය. එයින් ද එක් කරුණක් පැහැදිලි වෙයි. එනම් මෙබඳු කතන්දර කී පමණින් විශ්වාස නොකළ යුතු ය යන්න යි.
කෙසේ වෙතත්, මෙබඳු ඇතැම් බියපත්කිරීම් කරන විට නොතකා හරින නැතහොත් වසන් කරන හා/හෝ තේරුම් නොගන්නා කරුණු කිහිපයක් ගැන තේරුම් ගැනීම වැදගත් වෙයි.

මෙහි දී තේරුම් ගත යුතු වැදගත් ම කාරණයක් වන්නේ සිදුවිය හැකි දේ සහ ඇත්තට ම සිදුවන දේ එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් වීමේ හැකියාව යි. සිදුවිය හැකි යැයි තර්කයෙන් කියන ඇතැම් දේ එලෙස ම සිදුවිය හැකි ය. නමුත් බොහෝ දේ එලෙස සිදු නොවේ. ඇතැම් විට සිදුවන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.
වසර 2000 උදාවෙද්දී ලෝකයේ පරිගණක පද්ධති සියල්ල හෝ විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වීමේ අනතුරක් ගැන නවසිය අනු ගණන් අග විශාල බියක් තිබිණි.එකල පරිගණක පද්ධතිවලට වසර ඇතුලත් කර තිබුණේ වසරේ අග අංක දෙකෙනි. 87,88,89 ආදී වශයෙනි. 2000 ලබන විට එය 00 බවට පත්වෙයි. පරිගණක පද්ධති එයට දක්වන ප්‍රතිචාරය නිගමනය කළ නොහැකි වීම නිසා විශාල බියක් පැවතිනි. එයට එකල කීවේ Y2K සංසිද්ධිය කියා ය. කෙසේ වෙතත්, 2000 ලබන විට කිසිවක් සිදුවුයේ නැත. සිදු විය හැකි දේ යැයි තර්කයෙන් කියන දේ සිදු නොවන බවට එය එක් උදාහරණයකි.

මහවැලි මහ ජලාශ හදන විට මතු වූ එක් විරෝධයක් නම් එමගින් එම ප්‍රදේශවල නාය යාමේ අවදානම බරපතළ ලෙස වැඩි කරන බව සහ එමගින් විශාල අවදානමක් ඇතිවන බව යි. එය ද එලෙස සිදු වුයේ නැත.
මෙබඳු තවත් බොහෝ උදාහරණ පෙන්වා දිය හැකි ය. මෙයින් පෙනෙන්නේ විය හැකි දේ යනු අනිවාර්යයෙන් සිදුවන දේ නොවන බව යි. සිදුවන දේ තර්කයෙන් කියන දේ ට වඩා සම්පුර්ණයෙන් වෙනස් විය හැකි බව යි.
මෙය වැදගත් වන්නේ ඔප්පු කළ න්‍යාය සහ ඔප්පු නොකළ නැතහොත් ප්‍රතික්ෂේපිත න්‍යාය යන වෙනස හඳුනාගැනීම සඳහා ය. යම්කිසි තර්කයකින් කියන දේම සිදුවන විට එය ඔප්පු වූ න්‍යායක් ලෙස අපට සැලකිය හැකි ය. එමෙන් ම සිදුවිය හැකි ලෙස පුරෝකථනය කළ දේ සිදු නොවන විට එය ප්‍රතික්ෂේපිත න්‍යායක් ලෙස සැලකිය යුතු වෙයි.

මෙහි ඇති ඛේදජනක තත්ත්වයක් නම් සත්‍ය ලෝක අත්දැකීම් මගින් ප්‍රතික්ෂේප කළ න්‍යාය සහ අදහස් අලුත් දේ ලෙස නැවත නැවත ඉදිරිපත් කරමින් බිල්ලන් මැවීමට යොදා ගැනීම යි.
ලෝකයේ එබඳු එක් ප්‍රතික්ෂේපිත න්‍යායයක් වන්නේ ‘පරායක්තතාවාදය’ නැතහොත් ‘ඌන සංවර්ධන න්‍යාය’ ලෙස හඳුන්වනු ලැබූ ප්‍රවාද යි. පෝල් ස්වීසී, ආන්ද්රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්, සමීර් අමීන් වැනි මාක්ස්වාදී බුද්ධිමතුන් ඉදිරිපත් කළ එම න්‍යායෙන් කියැවුණේ සංවර්ධිත පළමු ලෝකයට තුන්වන ලෝකයේ රටවල ආර්ථිකය විවෘත කළ විට සම්පත් ගලා යන්නේ පරිවාරයේ සිට කේන්ද්‍රයට බව යි. එනම් තුන්වන ලෝකයේ සිට දියුණු ලෝකයට යි. එවිට තුන්වන ලෝකයේ රටවලට සංවර්ධනය අහිමි වී ඒවා දිගට ම ඌන සංවර්ධිත රටවල් ලෙස පවතිනු ඇතැයි යන්න එම න්‍යායේ හරය යි.

මෙයට නියම පිළිතුරු ලැබුණේ ප්‍රතිතර්ක වලින් නොව තම ආරථික විවෘත කර සංවර්ධනය ලඟා කරගත් රටවල ප්‍රයෝගික අත්දැකීමෙනි. ප්‍රථම වටය වුයේ සිංගප්පුරුව, දකුණු කොරියාව, තායිවානය සහ හොන්කොන් ය. ආසියානු කොටි ලෙස හැඳින් වූ එම රටවල අත්දැකීම් මගින් ‘ඌන සන්වර්ධංහ න්‍යාය ‘ සත්‍ය ලෝකයේ ප්‍රතික්ෂේප වී ය. ඊළඟට තවත් රටවල් ඒ මග ගත් අතර වියට්නාමයේ සහ චීනයේ විවෘත වීමේ ප්‍රතිඵල මගින් එය වඩා තහවුරු වී ය.

කෙසේ වෙතත්, එම අත්දැකීම් නොතකා පැරණි මත නැවත ඉදිරිපත් කරමින් බිල්ලන මැවීමට, ඇතැම් මිත්‍යාදෘෂ්ටික වාමාංශිකයෝ සහ ජාතිකවාදීහු කටයුතු කරමින් සිටිති.
මොවුන් මේ හදන්නේ ජනතාව රවටා දේශපාලන වාසි අත්කර ගැනීමට විය හැකිය. එසේ වුව ද, මෙම මිත්‍යා පැතිරවීමෙන් අවසානයේ රැවටෙන්නේ ඔවුන් ම බව කිව යුතුව ඇත.

සී ජේ අමරතුංග

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….