මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරින් දෙදෙනකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරින් දෙදෙනා පවසනුයේ මේ වන විට මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක කලාපන් තුල ජල ධාරිතාවයන් අඩු විමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මෙම තත්වයන් මත 27වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 18කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15කින්ද පහල බැස ඇති බවත්ය.

පවතින වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් ඉදිරියේදි තව දුරටත් පහල බැසිමේ තත්වයක් පවතින බවද එම නිලධාරින් දෙපල වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts