jiniwa human rights list human rights pdf examples of human rights what are the 10 basic human rights? what are the 5 basic human rights what are the main points of the universal declaration of human rights human rights law human rights articles

මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සිරියාව, වෙනිසියුලාව, පාකිස්තානය, කියුබාව, චීනය, ලාඕසය, බෙලරූස්, එරිත්‍රියාව, තුර්කිය, ඕමානය, මාලදිවයින, රුසියාව, නේපාලය, ජපානය, නෝර්වේ, නයිජීරියාව, උගන්ඩාව, යේමනය, බුරුන්ඩි, ඉන්දියාව, නිකරගුවාව, වියට්නාමය, කසකස්තානය, කිර්ගිස්තානය, අසර්බයිජාන, ඇල්ජීරියාව, ඉරානය, ඊජිප්තුව, කාම්බෝජය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, මොන්ටිනීග්‍රෝ, මලාවි, ඔස්ට්‍රේලියාව යන රටවල් මෙලෙස ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් දැක්වීම සිදුකර තිබෙන අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් ඒ ඒ රටවල ජිනීවාහි තානාපතිවරු මෙලෙස අදහස් දක්වා තිබෙන බවද අමාත්‍යාංශය කියාසිටී.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගියදා (11) ආරම්භ වූ අතර මේ දක්වා රටවල් 46ක් සිය අදහස් දැක්වීම ඉදිරිපත් කර තිබෙන බවද එහිදී රටවල් 39ක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මූලික කණ්ඩායම් යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සම්බර්ග් රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් එය ඉදිරිපත් කර තිබේ.

Similar Posts