මෙරට දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි

strick

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම ලිපිය යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අප රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියාකරන බව මාධ්‍යවලින් වාර්තාවන අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද එවැන්නක් සිදුවන බව සනාථ කර ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක ප‍්‍රමාණයක් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුමක් අත්සන් කිරීම සහ එම ගිවිසුම මාර්ගයෙන් අනාගතයේ දී අප රටේ ෆොසිල ඉන්ධන වෙනුවට භාවිතා කිරීමට නියමිත ස්වභාවික දියරගත වායුව (LNG) මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීමේ ඒකාධිකාරී අයිතිය ද එම ඇමෙරිකානු සමාගමට ලබා දීම, වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම් ප‍්‍රමාණයක් සහ එහි ඇති ගුදම් චීන CICT සමාගමට විකුණා දැමීම තුලින් දැනට වරායට ලැබෙන ඩොලර් මිලියන 100 ක පමණ වාර්ෂික ආදායම අහිමි විය හැකි බවත් තවද, මෙම ඉඩමේ වටිනාකම ඩොලර් මිලියන 150 ක් පමණ ඉතා අඩු මුදලකට තක්සේරු කිරීම පිලිබඳවද සඳහන් කර ඇත.

මෙතෙක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ඉන්ධන ගෙන්වීම සහ පිරිපහදුව වගකීමක් ලෙස පවත්වාගෙන යාමේ කාර්යභාරයෙන් ඉවත්ව වෙනත් තරඟකාරී ආයතනයක් පිහිටුවීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීම.

ඒ සමගින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය දැනට ඉන්දියාවට ලබා දී ඇති බදු ගිවිසුම ඉදිරියටත් පවත්වා ගෙන යාම සහ මෙම තෙල් ටැංකි සමූහයේ බහුතර සංඛ්‍යාවක් ඉන්දියානු සමාගමේ පාලනයට අයිති වන ලෙස පිඹුරුපත් සකස් කිරීම ආදී ඉහත කී ආයතන වලට සම්බන්ධ වෘත්තීය සමිති රටේ ස්වෛරීභාවයට අනතුරක් මෙන්ම රටේ දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනි මේ ක්‍රියාවලියට විරුද්ධ වන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර ඒ බව ඔවුන් දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇති බවද පෙන්වා දි ඇත.

ආණ්ඩුවේ මෙම ජනතා විරෝධී වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අතර මෙම ආයතන වල පිහිටි වෘත්තීය සමිති ගෙන යන්නාවූ විරෝධතාවයට සහාය දැක්වීමටද තීන්දු කළ බව සඳහන් කර ඇති මෙම ලිපියෙන් වැඩිදුරටත් කියා සිටින්නේ ඇමෙරිකානු සමාගම සමග වත්මන් ආණ්ඩුව අත්සන්කර ඇති ගිවිසුම සහ රටේ පුරවැසියන්ගේ අගතියට බලපාන්නාවූ ඉහතින් සඳහන් කාරණාවලට අදාල සියලූ ලිපි ලේඛන, ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නොපමාව ප‍්‍රසිද්ධියට පත්කරන මෙන්ය.

ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙන් එම කොමිසන් සභාවට ජනාධිපතිගේ විශේෂ තීන්දුවක් ලෙස වහා දැනුම් දෙන මෙන්ද ඉල්ලා සිටියි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….