ravikumudesh

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.

අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කීය.

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වී අර්බුදයට වහාම විසඳුම් සොයන ලෙස බලකරමින් මෙම හර්තාලය පැවැත්වීමට නියමිතය.

Similar Posts