nas-daily

ෆේස්බුක්හි මිලියන 22ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂක පිරිසක් සිටින ව්ලොග් ශිල්පියෙකු වන නාස් ඩේලි (Nas Daily) සමග සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ ගිවිසුමට එළඹි බව ය.

This Is Made Of POOPMy Biggest Money Mistake සහ The Keyboard Warrior ආදී වශයෙන් ඔහු මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධ වීඩියෝ කිහිපයක් ද නිර්මාණය කර තිබිණි.

ඊට අමතරව 2020 වසරේදී නාස් ඩේලි කොවිඩ් වසංගත සමය තුළ වඩා ත් ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් – The Most Generous Country During Covid-19 – ශ්‍රී ලංකාව නම් කරමින් වීඩියෝ පටයක් ද නිර්මාණය කළේ ය.

Similar Posts