ලෝක සාම දිනයට සමගාමිව ජාතික සාම මණ්ඩලය හා සංස්කෘතික සහ පාරිසරික සංසදය මගින් සංවිධානය කරන ලද සාම පාගමනක් විථි නාට්‍යක් හා සංස්කෘතික වැඩ සටහනක් 23වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.

මෙහිදි සංස්කෘතික වැඩ සටහන හැටන් නගර ශාලාවේදි පැවති අතර සාම පාගමන හැටන් නගර ශාලාවේ සිට හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය වෙත පැමින එහිදි විථි නාට්‍යයක් රග දක්වන ලදි.

මෙම අවස්ථාවට සියලුම ආගම් නියෝජනය කරමින් පුජකතුමන්ලා ඇතුළු හැටන් හා අවට ප්‍රදේශවල පිරිසක්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts