whatsapp

ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත.

https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ.

මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්‍රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් මෙවැනි සිධින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම්දෙයි.

Similar Posts