වැඩබලන ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ranil5

රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පැතිරවීමට පිරිසක් විසින් ගනු ලබන උත්සාහයට සමහර දේශපාලකයන් ද එකතු වී ඇති බවත් මේ නිසා දැන් මතුව ඇති තත්ත්වය

පාලනය කිරීමට පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය දුන් බව වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (13) පැවසීය.

වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය

“ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ඉල්ලා අස් වීමෙන් පසුව ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා සඳුදා දහවල් පක්ෂ නායකයන් මුණ ගැසුණා. ලබන සතියේදී ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමටත් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීමටත් අප තීරණයක් අරගත්තා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමට යන අවස්ථාවේදී අගමැති ධුරයෙන් ඉවත්වන බවටත් මා ප්‍රතිඥාවක් දුන්නා.ඒ අනුව සිකුරාදා රැස්වීම සඳහා අප විසිරී ගියා.

ඊට පසුව මේ අපේක්ෂකත්වයට කැමති සමහර අය අනෙක් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඒ අයගේ සහයෝගය ගැනීමට කටයුතු කළා.රටේ තිබුණේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පෙරේදා (12) රටින් පිට වී ගියා.කථානායකවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය දෙන බව ඔහු පැවසුවා.බුද්ධි අංශයට ලැබී තිබූ සමහර තොරතුරු ගැන අප පුදුම වුණා.එතුමා රටින් පිට වී අප ජනාධිපතිවරයෙක් තෝරා ගන්නට පියවර ගත්තත් අරගලයේ සිටි සමහර කණ්ඩායම් අගමැති කාර්යාලය අල්ලන්න සංවිධානය කර තිබුණා.

එමෙන්ම ජනාධිපතිතුමාට මාලදිවයිනට යන්න ගුවන් යානයක් දුන් නිසා ගුවන් හමුදාපති ගේ ගෙදර වට කරන්නත් ඒ සමඟම යුද හමුදාපතිගේ සහ නාවික හමුදාපතිගේ නිවාස වට කරන්නැයි තීරණය කර තිබුණා. ඔවුන් බැලූවේ මේ රටේ බලය එතනින් ගන්නයි.

ඒ සමඟම පාර්ලිමේන්තුව වැඩ කරන වැඩසටහනකුත් ඔවුන් සංවිධාන කර තිබුණා.හොඳ වේලාවට කථානායකතුමා මාණ්ඩලික ප්‍රධානී සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ඔහු එකඟ වුණා.ඒ නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාවක් තිබුණේ නැහැ.

මෙහි පැමිණි කණ්ඩායම් අගමැති කාර්යාලය වටේ කැරලි ගසන්නට පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට අගමැති කාර්යාලයට යන්නට කිසිම හේතුවක් නැහැ.

මේ අයට වුවමනා වී තිබෙන්නේ නීත්‍යානුකූලව මා වැඩබලන ජනාධිපති බවට පත්වී කථානායකතුමා සමග එකතු වී මේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් තෝරන එක නතර කරන්නයි.ඒ අයට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීමයි.

රටේ ව්‍යවස්ථාව වැඩක් නැතැයි සමහරුන් කියා තිබෙනවා. පාර්ලිමේන්තුව වැඩක් නැහැ .අප කියන දේ කරන්නැයි ඔවුන් කියා තිබෙනවා.

රටේ ව්‍යවස්ථාවේ ජනතාවගේ සර්ව ජන බලයත් පරමාධිපත්‍යයත් ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ ව්‍යවස්ථාව ඉරා දමන්නට බැහැ.

සමහරුන් ව්‍යවස්ථාව වුවමනා නැතැයි කීවා. එය ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුත්තක්. මේ උත්සාහ කරන්නේ රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පතුරුවන්න යි. ඊට අපේ සමහර දේශපාලකයන් ද එකතු වී තිබෙනවා.මේ නිසා අද ඇති වූ තත්ත්වයේදී හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශ මට උපදෙස් දුන්නා. එමෙන්ම බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන්නා.ඒ අනුව මම හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරගෙන යනවා.මේ ෆැසිස්ට්වාදී තර්ජනය අප නැති කළ යුතුයි. සාමාන්‍ය ජනතාවගේ නිවාස ආරක්ෂා කළ යුතුයි.මෙලෙස තර්ජනකාරීව රටේ ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය අල්ලාගෙන ඒවායේ තිබෙන ලිපිගොනු නැති කරන්නට ඉඩ දෙන්න බැහැ.එම නිසා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකට ගන්නැයි මා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියාත් පොලිස්පති තුමා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කොමිටියකට සම්පූර්ණ බලතල දී තිබෙනවා.මීට දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ.මේ වැඩ කටයුතු අවසන් කළ විට මට වාර්තා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….