හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හින්දු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට එම කෝවිල් කමිටුව පියවර ගෙන ඇත‍.
මේ පිලිබදව අදහස් දැක්වු එම කෝවිල් කමිටුවේ නියෝජිතයකු පවසන ලද්දේ මෙම කෝවිල නවිකරණය කිරිමෙන් පසුව එහි කුම්භාභිෂේක උත්සවය මෙසේ මේ මස 25වන දින උත්සවාකාරයෙන් සිදු කිරිමට සැලසුම් කර ඇති බවත්ය.
එම කුම්භාභිෂේක උත්සවය පැවැත්විමට පෙර එම කෝවිලේ දේව ප්‍රථිමා සදහා පුද පුජා පැවැත්විම මේ මස 15වන දින පෙරවරු 9.00ට ආරම්භවි 19වන දින මධ්‍යම රාත්‍රිය දක්වා නොකඩවා සිදු කර 20වන දින එම දේව ප්‍රථිමා කෝවිලේ අදාල ස්ථානවල තැන්පත් කිරිමට පියවර ගන්නා බවද ඔහු පැවසිය.

එම දිනවල නොකඩවා අදාල දේව ප්‍රථිමා සදහා පුද පුජා පැවැත්විමට පුජකවරුන් හැට දෙනකු පමන එක්වන බවත් එම දේව ප්‍රථිමා අදාල ස්ථානවල තැන්පත් කිරිමෙන් පසුව 21වන දින උදැසන සිට 23වන දින මධ්‍යම රාත්‍රිය දක්වා එම දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිමට ප්‍රදේශයේ බැතිමතුන්ට අවස්ථාව ලබා දිමට පියවර ගෙන ඇති අතර 24වන දින එම තෙල් ඉවත් කිරිම සිදු කරන බවත් ඉන් අනතුරුව 25වන දින පෙරවරු 9.25 සිට 10.32 අතර කාලය තුලදි කුම්භාභිෂේක උත්සවය පැවැත්වෙන බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts