ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා.

ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා.

මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත් 26 දින තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය මගින් පැවැත්වූ උත්සවයක දී පිරිනමා තිබුණා.

සම්මාන රැගෙන ආචාර්ය දිමුතු බාලසූරිය අද පෙරවරු 11.40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Similar Posts