සංචාරක හෝටල්වලට කන කොකා හඬයි

සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා  පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැ‍ටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ ‍රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පි.ආරියදාස මහතා පවසයි.

කේ.පී.ආරියදාස මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.

එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ මාස 4 ක පමණ කාලයක් වසා දැමුණු සංචාරක හෝටල් සදහා දවල්  තරු පෙනෙන විදුලි බිල් ලැබෙමින් පවතින බවයි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කේ.පී.ආරියදාස මහතා මෙසේ ද කීය.

“මේ වන විට තිබෙන තත්ත්වය ඉතාම බර පතලයි.සංචාරක කර්මාන්තය බිද වැටීම වේගවත් වෙලා.අපේ සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් හිමියන් 151ක් සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.දිස්ත්‍රික්කයේ ම සංචාරක හෝටල් 350ක් පමණ තිබෙනවා.

මේ හෝටල් වල සේවය කළ සේවකයින් 3500ක් විතර කොරෝනා නිසා වසා දැමුණු හෝටල්වලින් ඉවත් කෙරුණා.තරු පන්තියේ හෝටල් පවා සේවකයින් බාගයක් පමණ අඩු කළා.මේ කිසිම සේවකයෙකුට මේ මාස 4ක කාලය තුළ කිසිම වැ‍ටුපක් ගෙවන්න අපට පුළුවන්කමක් තිබුණේ නෑ.ඒ සේවකයින්ට හාම්පුතුන්ගෙන් රාජ්‍ය යාන්ත්‍රණයෙන් කිසිම සහනයක් ලැබුණේ නැ.

රජය කොරෝනා ව්‍යාතිය පාළනයට ගත්ත නිවැරදි තීරණ හා උත්සාහයන් නිසා මාස 4කින් පමණ පසු හරි අපේ සංචාරක හෝටල් විවෘත කරන්නට හැකි වීම ගැන ජනාධිපතිතුමාට රජයට හා සෞඛ්‍ය කාර්යමණ්ඩල ඇතුළු කොරෝනා මර්දනයට උර දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

කොරෝනා අවදානම්ම කාලේ මෙහෙ හිටිය විදෙස් සංචාරකයින්ට අපි පෙරුම්කායන් බැදලා දේශීය සෞඛය සහන ලබා දීලා ‍රැක බලා ගෙන නිරුපද්‍රිතව ඔවුන්ගේ රටවලට යන්න ඉඩ සැලසුවා. අපේ හෝටල් නැවත පනගන්වන්න මාස දෙකක කාරක ප්‍රාග්ධනයක් රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වුණා.ලංකා බැංකුව මහජන බැංකුව එම කාර්යයට අත ගහලා තියෙනවා.නමුත් පෞද්ගලික බැංකුවලට මෙම නියෝගය ලැබී නෑ.ඔවුන් ද ලොකු සහයක් හෝටල් කර්මාන්තය වෙනුවෙන් දක්වනවා.

ඒ සහනය පෞද්ගලික බැංකුවලිනුත් ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.දැන් අපෙ සංචාරක හෝටල්වල කිසිම විදෙසීය සංචාරකයෙක් නෑ.පොලොන්නරුවේ කිසිම හෝටලයක නවාතැන් ගෙන සිටින කිසිම විදෙස් සංචාරකයෙක් නෑ.අපේ හෝටල් නවීකරණය කරන්න සිද්ධ වෙලා. මාස 4 ට ඒවා පරිහානියට පත් වෙලා.කොරෝනා අස්සේ අපිට එන විදුලි බිල තමයි දරන්නම අමාරු.මගේ හෝටලයටත් මාසයකට 120 000ක පමණ විදුලි බිලක් ලැබෙනවා.මාස 4ක් ගත්තාම හිතා ගන්න පුළුවන් ද අපට සිද්ධ වෙලා තියෙන පාඩුව.

තරු පන්තියේ හෝටල්වලටත් මෙය තදින්ම දැනි තිබෙනවා.මිලියන බාගයක් විතර අපට විදුලිය බිල ගෙවන්න වෙලා තියෙන්නෙ කිසිම ආදායමක් නැතුව.ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බිද වැ‍ටුණු සංචාරක හෝටල් කර්මාන්තය ගොඩ ගන්න කියලා යහපාලන ආණ්ඩුව මාස 06ක් බැංකු ණය වාරික නොගෙවා සිටීමේ සහනයක් දුන්නා.දැන් ඒ මාස 06 ටත් එක්ක පොලියත් හැදිලා අපට ඩබල් ගෙවන්න වෙලා තියෙනවා.කිසිම ආදායමක් නැතුව.අපි රජයෙන් ඉල්ලා හිටින්නේ මුලු රටේම සංචාරක කර්මාන්තය පොලවලට සමතලා වෙන්න නොදී ‍රැක ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….